අතරමැදි යාච්ඤාව
එක් සෙනසුරාදා දහවලක මගේ පවුලේ අයත් සමඟ දිවා ආහාරය සඳහා අවන්හලකට ගොඩවුනෙමි. එහි සේවකයා කර කර ගා හැපෙන ෆ්‍රයිස් සහ බර්ගර්ස් අපගේ මේසයට බෙදන විට මගේ ස්වාමිපුරුෂයා ඔහු දෙස බලා ඔහුගේ නම ඇසුවේය. ඉන් පසුව “අපි පවුලක් හැටියට කෑම කන්නට පෙර යාච්ඤා කරන්නෙමු. අද දවසේ ඔබ වෙනුවෙන් අපට යාච්ඤා කළ හැකි කිසිවක් තිබේද?” කියා ඔහුගෙන් ඇසුවේය. ඇලන් (දැන් අපි ඔහුගේ…
කිරීමට අපහසු සමාව දීම
නාසිවරුන් විසින් 50,000කට ආසන්න කාන්තාවන් ඝාතණය කළ රැවන්ස්බ්‍රක් ගාල් කඳවුරේ නටබුන් අතර ගුලිකර දැමු කඩදාසියක මෙම යාච්ඤාව විමුක්තිකාමීන්ට හමු විය: “ස්වාමිනී, හොඳ හිතැතිව ක්‍රියා කළ පුරුෂයින් සහ කාන්තාවන් පමණක් නොව නපුරු සිතැතිව ක්‍රියා කළ අයවද සිහි තබා ගත මැනව. නමුත් ඔවුන් අප මතට පැටවු දුක්විඳීම සිහි තබා නොගන්න. ඒ දුක් විඳීමට ස්තුතිවන්ත වෙන්න අප ලබාගත් ඵල මතක තබාගන්න - අපගේ…
ගමන සඳහා ශක්තිය
එක් ගිම්හාන කාලයක මට කළ නොහැකිය කියා සිතිය හැකි කාර්යයකට මුහුණ දෙන්නට සිදු විය - එනම් නියමිත කාලයක් තුළ සම්පූර්ණ කිරීමට තිබූ විශාල ලිවීමේ ව්‍යාපෘතියකි. දිනෙන් දින තනිවම ගත කරමින් පිටුවට වචන ඇතුලත් කරන්නට උත්සාහ කරමින් සිටි මා අධෛර්යමත්වී වෙහෙසට පත්වූයෙමි. මට ඒ කාර්යය අත්හරින්නට පවා සිතුණි. එක් බුද්ධිමත් මිතුරියක් “ඔබට අවසාන වරට ප්‍රබෝධයක් දැනුනේ කවදාද? සමරහ විට හොඳ ආහාර…
සූර්යග්‍රහණය
මම අක්‍ෂි ආරක්‍ෂණය සඳහා කදිම නැරඹුම් ස්ථානයක් සහ නිවසේ සාදන ලද හඳේ හැඩැති කැවිලි ඇතිව සූදානම් වී සිටියෙමි. එක්සත් ජනපදයේ මිලියන ගණනක් සෙනඟ සමඟ මගේ පවුලද ඉතා දුර්ලභ අවස්ථාවක් වන සම්පූර්ණ සූර්යග්‍රහණයක් - එනම් සඳ විසින් සූර්යයා සම්පූර්ණයෙන් වසාගැනීම - නැරඹුවෙමු.
මෙම සූර්යග්‍රහණය සාමාන්‍ය දීප්තිමත් ගිම්හාන දහවලක් අසාමාන්‍ය අඳුරකින් වසාගනු ලැබුවේය. මෙම සූර්යග්‍රහණය අපට විනෝදාත්මක අවස්ථාවක් සහ දෙවියන්වහන්සේගේ මැවීම කෙරෙහි…
දකින තැනැන්වහන්සේ
“අයියෝ!” මාගේ භාර්යයාව මුළුතැන්ගෙයට ඇතුල් වනවාත් සමඟම කෑගැසුවාය. ඇය කෑගසත්ම “මැක්ස්” අපගේ රාත්තල් 90 ලැබ්‍රඩෝ රිට්‍රිවර් එතැනින් පලා ගියේය.
කවුන්ටරයේ දාරයට ඉතාම ලඟින් තබා තිබූ බැටළු මස් ගාතය පෙනෙන්නට තිබුණේ නැත. හිස් බඳුන පමණක් ඉතිරිකර මැක්ස් එය සම්පූර්ණයෙන්ම කා දමා තිබුණි. ඌ ඇඳ යට හැංගෙන්න හැදූ නමුත් ඇඳ යටට ගියේ උගේ ඔළුව සහ උරහිස් පමණී. මම ඌව සොයාගෙන යන විට…
ප්‍රජා මතකය
චංචල ඇදහිල්ල නම් ග්‍රන්ථයේ කතෘ දේවධර්මාචාර්ය රිචඩ් මෝව් ලියා ඇත්තේ අතීතයේ පාඩම් මතක තබාගැනීමේ වැදගත්කම ගැනය.
ඔහු සමාජ විද්‍යාඥ රොබට් බෙලාගේ වචන උපුටා දක්වමින් “නීරෝගී ජාතීන් ‘මතක තබාගන්නා ප්‍රජාවන්’ විය යුතු යැයි සඳහන් කර ඇත. බෙලා එම මූලධර්මය පවුල් ඒකකය වැනි වෙනත් සමාජ බැඳීම් වලට ද ව්‍යාප්ත කළේය. මතක තබා ගැනීම සමාජය තුළ ජීවත්වීමේ වැදගත් අංගයකි.
සමාජීය මතකයේ වැදගත්කම දේව වචනයෙන්ද…
අතු වල ජීවත්වීම
පීඩනයෙන් පිරි සතියක් අවසානයේ මාගේ මනස තුළ පොරබදින ආවේගශීලි හැඟීම් පිළිබඳ මාගේ උපදේශිකාව සමඟ බෙදාගත් විට ඇය කල්පනාකාරීව සවන් දුන්නාය. පසුව ඇය මට ආරාධනා කළේ ජනේලයෙන් පිටත සරත් සෘතුවේ තැඹිලි සහ රන්වන් පාටින් පිරි ගස්වල අතු සුළඟට එහා මෙහා වැනෙන දෙස බලන්නට කියාය.
ඒ සුළඟට ගස් වල කඳන් කිසිසේත්ම සෙළවෙන්නේ නැති බව මට පෙන්වා දෙමින් මාගේ උපදේශිකාව පැහැදිලි කළේ “අපිත්…
ඇත්තෙන්ම නිදහස්
අමිස්ටාඩ් යන චිත්‍රපටිය 1839 බටහිර අප්‍රිකානු වහල්ලුන් තමන් රැගෙන යන බෝට්ටුවේ පාලනය අතට ගෙන එහි කපිතාන් සහ සේවකයින් සමහරක් මරා දැමු කථාව විස්තර කරයි. අවසානයේදී ඔවුන් නැවත අල්ලාගෙන, සිරගත කර පසුව උසාවියට ඉදිරිපත් කරන ලදී. අමතක කළ නොහැකි උසාවි දර්ශනයක සින්කේ නම් වහල් නායකයා ඉතාම ආවේගයෙන් යුතුව නිදහස ඉල්ලා කන්නලව් කරයි. සරල වචන තුනක් - විලංගු දැමූ මිනිසෙක් බිඳුනු ඉංග්‍රීසියෙන්…
ඔබ අසලමයි
යෙරුසලමේ තැපැල් කාර්යාලයක සෑම දිනම එහි සේවකයින් බෙදාහැරිය නොහැකි ලිපි ගොඩවල් වර්ග කරමින් ඒවා ලැබිය යුත්තන්ට ලබා දෙන්නට උත්සාහ දරති. ඒවායින් බොහොමයක් ඉතිරි වෙන්නේ “දෙවියන්වහන්සේට ලිපි” යන්නෙන් නම් කරන ලද විශේෂ පෙට්ටියකයි.
සෑම වසරකම මෙවැනි දෙවියන්වහන්සේට හෝ යේසුස්වහන්සේට හෝ ලියන ලද ලිපි දහස් ගණනක් යෙරුසලමට ලැබෙති. මේවා සමඟ කුමක් කරන්නටද කියා සිතාගන්නට බැරිව එක් සේවකයෙක් මෙම ලිපි යෙරුසලමේ බටහිර තාප්පයට…
අපි ප්‍රශංසා කරමු
සෑම දිනම දහවල් 3.16 ට ශෙලීගේ දුරකථනයේ සීනුව නාද වූ විට ඇය ප්‍රශංසා විවේකයක් ගන්නීය. ඇය දෙවියන්වහන්සේට ස්තුති කරමින් උන්වහන්සේගේ යහපත්කම මතක් කරගන්නීය. දවස පුරාම ඇය දෙවියන්වහන්සේ සමඟ කථාකරන නමුත් ශෙලි ඉතාමත්ම ආශාවෙන් මේ විවේකය ගන්නේ උන්වහන්සේත් සමඟ ඇයට ඇති සමීප සම්බන්ධතාවය සමරන්නට ඇයට උපකාරි වෙන නිසාය.
ඇගේ ප්‍රීතිමත් භක්තියෙන් දිරිගැන්වී ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසි පූජාවට ස්තුති කරන්නට සහ තවමත් ගැළවීම ලබා…