ප්‍රවර්ගය  |  Uncategorized

හැංගි මුත්තං

“ඔහු මාව හොයා ගනියි” මම කල්පනා කළෙමි. මාගේ පස් හැවිරිදි ඥාති සහෝදරයාගේ අඩි පාරවල් සමීපවන විට මාගේ කුඩා හදවත වේගයෙන් ස්පන්දනය වීම ආරම්භ විය. ඔහු ළඟටම එන්නේය. තව පියවර පහක් ඈතය. තුනයි දෙකයි “ඔබව දැක්කා!”

හැංගි මුත්තං! අපි බොහෝ දෙනෙකුට දරුවන් ලෙස ඒ ගැන අනර්ඝ හැඟීම් ඇත. නමුත් ජීවිතයේ සොයා ගැනීමට ලක්වේය යන බිය විනෝදයක් නොවේ. නමුත් එයින් පැන යාම…

ඊර්ෂ්‍යාව අවසන් කිරීම

නාට්‍යාංගනා චිත්‍ර ගැන ප්‍රංශ ජාතික කලාකරුවෙකු වන එඩ්ගාර් ඩිගාස් ප්‍රසිද්ධය. නමුත් ඔහු එඩුආඩ් මානෙට්ට දැක්වූ ඊර්ෂ්‍යාව එතරම් ප්‍රසිද්ධ නැත. එඩ්වඩ් මානෙට් විශිෂ්ඨ ගණයේ කලාකරුවෙකි. ඩිගාස් මානෙට් ගැන කියා ඇත්තේ “ඔහු යමක් එක පාර අඳිනවා. නමුත් මම බොහෝ වීර්යය කරනවා. එහෙත් හරියාකාරව ඒක වෙන්නේ නැහැ” කියාය.

එය අමුතුම ගුණාංගයකි. ඊර්ෂ්‍යාව - අපෝස්තළු පාවුල් එය දරුණුම ගුණාංග අතර තැබීය. “ඔව්හු වනාහි සියලු…

කුණාටුවේ සිටින විට

අපගේ සභාවේ සය දෙනෙකු ජීවත්වූ නිවසක් ගින්නෙන් විනාශ විය. පියා සහ පුත්‍රයා මිය නොගියද (පියා තවමත් රෝහල්ගතව සිටී) භාර්යයාව ඔහුගේ මව සහ කුඩා දරුවන් දෙදෙනා ගින්නෙන් මිය ගියෝය. මෙවැනි සිත් කඩා බිඳ දමන කාරණා නැවත නැවත කල්පනා කරන විට ඉතා පැරණි ප්‍රශ්නයක් වන “හොඳ අයට නරක දේවල් සිදුවන්නේ ඇයි?” යන්න මතුවේ. එයට අළුත් උත්තර නැති කමද අපව මවිත කරවන්නේ නැත.…

අපගේ දුර්වලකම්වලදී

ඈන් ෂීෆ් මිලර් වයස අවුරුදු 90 ක්ව 1999 දී මිය ගියද, ඇය 1942 දී මිය යෑමට ඉතා ආසන්නව සිටියාය. ගර්භයේම දරුවා මිය යෑම නිසා ඇයට “සෙප්ටිසීමියා” නැමැති රෝගය වැළඳිණි. සියලු ප්‍රතිකර්ම නිෂ්ඵල විය. එම වාට්ටුවේ සිටි වෙනත් රෝගියෙකු තමා දන්නා විශේෂඥයෙකු පුදුමාකාර ඖෂධයක් සොයා ගෙන ඇති බව ප්‍රකාශ කළ විට ඈන්ගේ වෛද්‍යවරයා ඉන් බිඳක් ඈන් වෙනුවෙන් නිකුත් කරන මෙන් රජයෙන්…

දුෂ්ටයන් ගැළවීම

කාටූන් පොතෙහි වීරයා එදා මෙන් අදත් ජනප්‍රියය. 2017 දී පමණක් සුපිරිවීර චිත්‍රපටි ඩොලර් බිලියන හතරක් තම වාර්තාගත ප්‍රදර්ශන වලින් සොයා ගත්තෝය. එවැනි වීර ක්‍රියා වලට සෙනග ඇදී යන්නේ ඇයි?

එක් අතකින් එවැනි කථා දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ කථාවලට සමාන නිසා විය හැකිය. සෑම විටම වීරයෙක්ද දුෂ්ටයෙක්ද ගැළවීමට අවශ්‍ය සෙනගක්ද සිටී. ඒ අතර ඇති තරම් ත්‍රාස ක්‍රියාද ඇත්තේය.

මෙම කථාවෙහි විශාලතම දුෂ්ටයා අපගේ…

කෝටු චිත්‍ර පාඩමක්

මාගේ එක් මිතුරියක් එනම් මාගේ අනුශාසිකාව කඩදාසියක් ගෙන කෝටු චිත්‍රයක් ඇන්දාය. ඇය එය පුද්ගලික ජීවිතය යැයි නම් කළාය. ඉන්පසු එය වටා ඇය අඟල් භාගයක් විශාල තව රූපයක් ඇන්දාය. ඇය එයට පොදු ජීවිතය යැයි නම් කළාය. පුද්ගලික හා පොදු ජීවිතය අතර ඇති කොටස විනිවිද භාවය නියෝජනය කරයි.

මෙම පාඩම දෙස බලා මම මෙසේ කල්පනා කළෙමි. පොදු ස්ථානවල සිටින මමම පුද්ගලිකව ඉන්නවාද?…

අපව දන්නා ගැළවුම්කරුවාණෝ

“තාත්තේ වෙලාව කීයද?” පිටිපස අසුනේ සිටි මගේ පුතා ඇසීය. “5.30” යි. ඔහු එවිට කියන දෙය මම හරියට දැන සිටියෙමි. “හරියටම 5.28 යි”. ඔහුගේ මුහුණ ආලෝකමත් වන ආකාරය මම බලා සිටියෙමි. “මං දිනුවා” කියා ඔහුගේ දීප්තිමත් සිනහව පැවසිය. මටද ප්‍රීතියක් දැණුනි. ඒ මාපියෙකු පමණක් දන්නා ලෙසට ඔබගේ දරුවා ගැන දැන ගැනීමෙන් ලැබෙන සතුටකි.

අවධානයෙන් සිටින සෑම මාපියෙකු ලෙසම මාගේ දරුවන් ගැන…

තුවාල කරන වචන

“ඇට කෝටු, ඇට කෝටු” පිරිමි දරුවෙක් මට විහිළු කළේය. “කෝටුව” තව අයෙක් තාලයට කීයන්නේය. ප්‍රතිචාර ලෙස “කෝටු සහ ගල් මගේ කටු කඩනු ඇත. නමුත් වචන මා තුවාල කරන්නේ නැත” කියා මට කිව හැකිව තිබුණි. නමුත් කුඩා ගැහැණු දරුවෙකු ලෙසද එම ජනප්‍රිය ගීතය සත්‍යය නොවන බව මම දැන සිටියෙමි. අකරුණාවන්ත වචන තුවාල කරයි. සමහර විට ඉතා නරක ලෙසය. සමහර විට ගලකින්…

පැහැදිළි සංනිවේදනය

ආසියාවේ ගමන් කරන අතර මාගේ අයිපැඩය (එහි මාගේ කියවන ද්‍රව්‍ය සහ බොහෝ ලියවිලි) අකර්මණ්‍ය විය. එයට පරිඝණක බසින් “අඳුරු තිර මරණය” යයි කියැවේ. මට පරිඝණක අලුත්වැඩියා කරන ස්ථානයක් හමුවිය. නමුත් එහිදී තවත් ගැටළුවක් ඉස්මතු විය. මම චීන භාෂාව කථා නොකරමි. එහි සේවකයා ඉංග්‍රීසි කථා නොකරයි. විසඳුම. ඔහු පරිඝණක මෘදුකාංගයක් සොයා ගත්තේය. ඔහු චීන භාෂාවෙන් යතුරු ලියන විට මට එය ඉංග්‍රීසියෙන්…

අහිකුණ්ඨක කොල්ලෙක්

“ඒ අහිකුණ්ඨක කොල්ලෙක්” යයි කෙනෙකු මිමිණුවේ 1877 දී රොඩ්නි ස්මිත් ක්‍රිස්තුස්වහන්සේ පිළිගැනිමට සභාව ඉදිරියට පැමිණි විටය. නූගත් අහිකුණ්ඨක දෙමාපියන්ගේ පුත්‍රයෙක් වන මෙම යෞවනයා ගැන කව්රුවත් වැඩිපුර සිතුවේ නැත. නමුත් රොඩ්නි එම හඬවල්වලට සවන් දුන්නේ නැත. තමාගේ ජීවිතයට දෙවියන්වහන්සේ අරමුණක් තබා ඇති බව ඔහු දැන සිටියේය. ඒ හෙයින් ඔහු ඉංග්‍රීසි බයිබලයක් සහ ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් මිළදී ගත්තේය. ලිවීමට සහ කියවීමට ඔහු…