ගලෙන් නිමවූ ආශාවන්
“සැම තොටුපළක්ම ගලින් නිමවූ ආශාවකි!” ප්‍රනාන්දු පෙසෝආගේ පෘතුගීසි කාව්‍යයක් වන “ඔඬේ මාරිටීමා” හි එසේ සඳහන් වේ. පෙසෝආගේ තොටුපොළ නියෝජනය කරන්නේ නැවක් අපෙන් ඈත්වන විට අපට හැඟෙන හැඟීම්ය. නැව පිටත්වේ. නමුත් තොටුපළ නවතින්නේ නොනවතින බලාපොරොත්තු, සිහින, වෙන්වීම්, ආශාවන් යනාදිය පිළිබඳ ස්මාරකයක් ලෙසිනි. අපි නැතිවූ දේ ගැන සහ ළංවන්නට බැරි දේ ගැන දුක් වන්නෙමු.
සවුදාදේ යන පෘතුගිසි වචනය “ආශාව” ලෙස පරිවර්තනය වී තිබේ.…
ප්‍රේමය නවතින්නේ නැත
මට වයස 19 දී මාගේ නිවසින් සැ: 700 ක් එහා මම පදිංචියට ගියෙමි. එකල මට ජංගම දුරකථනයක් හෝ එවැනි දෙයක් තිබුණේ නැත. එක් උදෑසනක මම පාන්දරම විවිධ වැඩවලට පිටත්වීමි. සුපුරුදු දුරකථන ඇමතීම මට අමතක විය. එදින රාත්‍රියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මාගේ නිවසට පැමිණියහ. මගේ දුරකථන ඇමතුම් කිසි දිනෙක නොවරදින නිසා මගේ මව කලබලයට පත්ව ඇත. ඇය බොහෝ වර නිවසේ දුරකථනයට…
ස්වාමින්වහන්සේ සපයන සේක
මාගේ උපාධි අපේක්‍ෂක සහ උපාධි වැඩ සටහන් අතරතුර නිවාඩු කාලයේදී මාගේ කණස්සල්ල වැඩි විය. සෑම දෙයක්ම හොඳීන් සැළසුම් කිරීමට මම කැමත්තෙමි. රැකියාව අත්හැර වෙන ප්‍රාන්තයක උපාධියක් සඳහා ඇතුළත් වීම මට අපහසුවක් විය. කෙසේ වෙතත් මා එහි යෑමට පෙර නිවසේ සිට රැකියාව කිරීමට මට අවස්ථාවක් ලැබුණි. මා එය පිළිගත්තෙමි. දෙවියන්වහන්සේ මා රැක බලා ගන්නා බවට මට සමාදානයක් ඇති විය.
දෙවියන්වහන්සේ සැපයූ…
තනිකමේ ඇමති
ඇයගේ ස්වාමිපුරුෂයා මියගිය පසු බෙට්සි බොහෝ දවස් ගෙවා අත්තේ තට්ටු නිවාසයේය. රූපවාහිණි බලමින් තමාට පමණක් තේ හදා ගෙන ඇය කල් ගත කර ඇත. ඇයගේ තනිකමේ ඇය තනිව නොසිටී. බ්‍රිතාන්‍යයේ මිලියන නවයක් පමණ (ජනගහණයෙන් සියයට 15 ක් පමණ) පවසන්නේ ඔවුන්ට බොහෝ විට තනිකම දැනෙන බවය. බ්‍රිතාන්‍යය විසින් තනිකමට උපකාර කිරීමට මාර්ග සෙවීමට ඇමතිවරයෙකු පත් කර තිබේ.
තනිකමේ සමහර හේතු කවුරුත් දනී.…
ජීවිතයට හොඳම උපක්‍රමය
ක්‍රීඩාගාරයේ සිට මාගේ දියණිය පැසිපන්දු ක්‍රීඩා කරනවා මා බලා සිටින විට පුහුණුකරු එක් වචනයක් කියනවා මට ඇසුණි. ඒ “දෙගුණයක්” කියායි. ක්‍ෂණිකව ඔවුන්ගේ උපක්‍රමය වෙනස් විය. එක්කෙනෙකුට එක්කෙනෙක් වශයෙන් එරෙහිව ක්‍රීඩාකළ ඔවුන් දැන් උසම ක්‍රීඩිකාවට එරෙහිව දෙදෙනෙකු බැගින් ක්‍රියාත්මක විය. ඇය පන්දුව දැමීමට කළ උත්සාහයන් මැඩලීමට ඔවුන්ට හැකි විය. පසුව ඔවුන්ගේ ගෝලය වෙත පන්දුව ගෙන යාමටද ඔවුන්ට පුළුවන් විය.
දේශනාකාරයා ලියු…
කඳුළු භාජනය
මැසචුසේට්ස්හි බොස්ටන් නගරයේ “කඳුළු භාජනය හරහා යෑම” යන සමරු ඵලකයක් ඇත. ඒ 1840 ස් ගණන් වල අයර්ලන්තයේ ඇතිවු අර්තාපල් සාගතයෙන් බේරීමට අත්ලන්තික් සාගරය තරණය කළ අය සිහි කිරීමටය. සෙනග මිලියනයක් පමණ තම ගෙවල් අත්හැර සාගරය තරණය කළෝය. තවත් මිලියනයක් පමණ එම ඛේදවාචකයෙන් මිය ගියෝය. ජෝන් බොයිල් ඕරිලී ඊට “කඳුළු භාජනය” යයි නම් තැබීය. සාගින්න සහ සිත් රිදුම් නිසා මේ ගමන්කරුවෝ…
නායකත්වය දෙන කෙනෙක්
උපදේශක යන වචනය ඇසෙද්දී ඔබට මතක් වන්නේ කාවද? මට නම් ඒ සභාපාලක රික් ය. ඔහු මාගේ හැකියාව දැක මා කෙරෙහි විශ්වාසය තැබීය. ඒ වන විට මම මා ගැන විශ්වාසයක් තබා නොතිබුණි. යටහත්කමින් සහ ප්‍රේමයෙන් සේවය කරන ආකාරය ගැන ඔහු මට ආදර්ශයක් දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස මම දැන් අන් අයට උපදෙස් දෙමින් දෙවියන්වහන්සේට සේවය කරමි.
එලිෂා නායකයෙකු ලෙස වර්ධනය කිරීම පිණිස…
ඇවිත් ඒවා ගන්න!
අපගේ වත්ත පිටුපස ඇති මිදි වැටට උඩින් මම බැලුවෙමි. අපගේ නිවස පිටුපස ඇති උයනෙහි සාදා ඇති මං තීරුවල සෙනග දුවති. සමහරු ඇවිදිති. තවත් අය එහේ මෙහේ යති. “මම ශක්තිමත් කාලේ ඒවා කළා” මම සිතුවෙමි. එවිට අතෘප්තිකර රැල්ලක් මා සිසාරා ගියේය.
පසුව බයිබලය කියවන විට යෙසායා 55:1 මා සිතට පැමිණියේය. “පිපාසා ඇති සියල්ලෙනි එන්න”. අතෘප්තිකර බව (පිපාසය) සාමාන්‍ය දෙයක් මිස ජීවිතයේ…
කුඩාය නමුත් වැදගත්ය
එදිනද වෙන දිනයන් මෙන් ආරම්භ විය. නමුත් එය අවසන් වූයේ විශාල ඛේදවාචකයකිනි. එස්තර්ව (එය ඇයගේ නියම නම නොවේ) සහ තවත් ස්ත්‍රීන් සිය ගණනක්ව ආගමික ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ඔවුන්ගේ නේවාසිකාගාරයෙන් පැහැර ගන්නා ලදී. මාසයකට පසු එස්තර් හැර අනිත් සියලු දෙනා නිදහස් වුනි. ඊට හේතුව ඇය ක්‍රිස්තුස්වහන්සේ අත් හැරීම ප්‍රතික්‍ෂේප කිරීම නිසාය. තම ඇදහිල්ල නිසා පීඩාවට පත්වූ ඇය සහ අනෙක් අය ගැන…
බලා සිටීමට වඩා යමක්
පාසැල් බස් රියකින් සිසුන් බසින තුරු සිටීමට අකමැතිව ස්ත්‍රියක් තම වාහනය පදික වේදිකාවට ගෙන අනිත් පසින් නැවත මාර්ගයට ආවාය. පොලිසිය විසින් නොසැළකිලිමත් රිය ධාවනයට ඇයට එරෙහිව නඩු පැවරීය.
බලා සිටීම අපව නොඉවසිලිවන්ත භාවයට පත් කරන්නාක් මෙන්ම බලා සිටීම අතරතුර කිරීමට සහ ඉගෙනීමට හොඳ දේවල් තිබේ. “යෙරුසලමෙන් අහක්ව නොගොස්” කියා ගෝලයන්ට කියන විට යේසුස්වහන්සේ එය දැන සිටි සේක (ක්‍රියා 1:4). ඔවුන්…