ඔබ ඔබම නිසා ස්තුතියි!
පිළිකා රෝහලක මා මාගේ මව බලා ගනිමින් සිටි කාලයේ මම ලෝරීව හඳුනා ගතිමි. ඇය තම ස්වාමිපුරුෂයා වන ෆ්‍රෑන්ක් බලා ගනිමින් එම රෝහලේම සිටියාය. මම ඇය සමග සිනහසෙමින්, කථා කරමින්, හඬමින්, යාච්ඤා කරමින් කාලය ගත කළෙමි. අපගේ ප්‍රේමණීයයන් බලාගන්නා කාලය තුළ එකිනෙකාට සහයෝගය දීම අපි භුක්ති වින්දෙමු.
එක් දිනෙක අපව කඩ පෙළට ගෙන යන වාහනය මට මග හරුණි. එදින සවස් කාලයේ…
ආරක්‍ෂිත ස්ථානයක්
මාගේ සහෝදර සහෝදරියන් සමග මා හැදී වැඩුණේ බටහිර වර්ජිනියාවේ කැලෑබද කඳුකරයකය. එම ප්‍රදේශය අපගේ සිතුවිලි පෝෂණය කරන දර්ශන අපට සැපයීය. ටාසන් මෙන් වැල් වලින් වැල්වලට පැනීම රොබින්සන් පවුල මෙන් ගස්වල නිවෙස් සෑදීම වැනි අප කියවු සහ නැරඹූ කථාන්දරවල දර්ශන අපි රඟපෑවෙමු. බලකොටු සාදා අපට ආරක්‍ෂාව ඇතැයි අපි සිතා ගත්තෙමු. වසර කිහිපයකට පසු මගේ දරුවෝ ඇඳ රෙදි පොරෝනා සහ කොට්ටවලින් මන:කල්පිත…
දෙවියන්වහන්සේ සවන්දෙන සේක
කණ්ඩායමේ අන් අය අභියෝග හෝ රෝගවලට හෝ මුහුණ දෙන තම පවුලේ අය හෝ මිතුරන් හෝ ගැන යාච්ඤා කරන්න යැයි කියන කාරණා ඩයන් අසා සිටියාය. ඇයගේ පවුලේද වසර ගණනක් අබ්බැහිකමෙන් පීඩා විඳින සාමාජිකයෙකු සිටියේය. නමුත් ඇය නිශ්චලව සිටියාය. ඇය වාචිකව යමක් කී විට මිතුරන්ගේ මුහුණු වෙනස්වීම්, අසන ප‍්‍රශ්න සහ අවවාද දරා ගැනීමට ඇයට නොහැකි විය. එම ඉල්ලීම නිසලව තබා ගැනීමට හොඳ…
ස්තුතිදීමෙන් දෙවියන්වහන්සේට ගෞරව කිරීම
මාගේ ස්වාමිපුරුෂයාගේ පිළිකාව එළිදරව් කළද වෛද්‍යවරිය කණස්සල්ලෙන් සිටියේ නැත. සිනහසෙමින් ඇය යෝජනාවක් ඉදිරිපත් කළාය. "සෑම දවසක්ම ස්තුතියෙන් අරඹන්න. අඩු තරමින් කාරණා තුනකට". ඩෑන් එය පිළිගත්තේය. කෘතඥතාවය දෙවියන්වහන්සේගේ යහපත්කම තුළ ධෛර්යය උපදවන බව ඔහු දැන සිටියේය. ඩෑන් සෑම දිනක්ම ප්‍රශංසාවේ වචනවලින් අරඹයි. "රාත්‍රියේ හොඳ නින්දක් දුන් නිසා ඔබවහන්සේට ස්තුතියි. මාගේ පිරිසිදු ඇඳ නිසා, හිරු එළිය නිසා, උදෑසන ආහාරය දුන් නිසා, මට…
අවශ්‍ය මොහොතේ ස්වාමින්වහන්සේ
මීට ටික කලකට පෙර මා මාගේ පුත්‍රයාගේ නිවසේ ඉදිකිරීම් කටයුත්තක යෙදී සිටියෙමි. මාගේ නිවසේ සිට එහි යාමට පැය තුනක් ගතවේ. වැඩ නිම කිරීමට මා සිතුවාට වඩා කාලයක් ගතවුණි. හිරු බැස යාමට පෙර අපට අවසන් කළ හැකි වන පිණිස මම යාච්ඤා කළෙමි. නමුත් සෑම සන්ධ්‍යාවකම තවත් වැඩ ඉතිරි විය.
මම මෙම ප්‍රමාදයට හේතුවක් ඇද්දැයි කල්පනා කළෙමි. පසුදා උදෑසන මට පිළිතුරක් ලැබුණි. මගේ…
ශක්තිමත් අත්තිවාරමක්
පසුගිය ග්‍රීෂ්ම සෘතුවේ මාත් මාගේ ස්වාමි පුරුෂයාත් පෙන්සිල්වේනියාවේ දුෂ්කර පෙදෙසක පිහිටා තිබෙන 1935 දී ලොයිඩ් රයිට් විසින් නිර්මාණය කළ ෆෝලිං වෝටර් නැරඹීමට ගියෙමු. මා එවැනි දෙයක් මීට පෙර දැක නැත. ලොයිඩ් රයිට්ට අවශ්‍ය වූයේ ස්වාභාවික නිවසක් නිර්මාණය කිරීමය. ඒ එය එහිම වැඩී ඇති ලෙසටය. ඔහු තම ඉලක්කය සපුරා ගත්තේය. ඔහු නිවස සෑදුවේ පිහිටි දිය ඇල්ලක් වටකරය. එහි හැඩය නිසා අසල…
ගොයම් පෑගීම
මම විශ්ව විද්‍යාලයේ සිටින කාලයේ එක් ග්‍රීෂ්ම සෘතු නිවාඩුවකදී කොලරාඩෝහී ගොවිපළක වැඩ කළෙමි. මුළු දවසේම ගොයම් පෑගීම නිසා වෙහෙසින් සහ බඩගින්නෙන් යුතුව එක් සන්ධ්‍යාවක මම ට්‍රැක්ටරය ගබඩාවට පදවා ගෙන ගියෙමි. මා ලොකුකම සිතට ගෙන තිරිංග තද කර සුක්කානම වමට කැරකුවෙමි.
නගුල ඔසවා නොතිබුණි. එය ඒ අසළ තිබූ ගැලුම් 500 ක් සහිත ඉන්ධන ටැංකියක වැදුණි. ටැංකිය මහා ශබ්දයකින් පොළොවට වැටී පැලී…
දෙවියන්වහන්සේ මෙහිය
අපගේ නිවසේ ඇති ඵලකයක සඳහන් වන්නේ "ආරාධනා කළත් නැතත් දෙවියන්වහන්සේ මෙහිය" කියාය. නවීන අනුවාදයක එය "පිළිගත්තත් නොපිළිගත්තත් දෙවියන්වහන්සේ මෙහිය" කියා දැක්වෙනු ඇත.
හොෂෙයා පැරණි ගිවිසුම් ලේඛකයෙකි. ඔහු ජීවත්වූයේ ක්‍රි.පූ. අටවන සියවසේ අග භාගයේය (755-715). ඔහු ඊට සමාන වචන ඉශ්‍රායෙල්වරුන්ට ලීවේය. ඔහු ඉශ්‍රායෙල්වරුන්ට ඉදිරියට යාමටද (හොෂෙයා 6:3) දෙවියන්වහන්සේව නැවත පිළිගැනීමටද දිරිමත් කළේය. ඊට හේතුව ඔවුහු දෙවියන්වහන්සේ අමතක කර තිබූ නිසාය (4:1).…
නිෂ්චල සාක්‍ෂියක්
ඇමී ජීවත්වන්නේ ශුභාරංචිය තහනම් කර ඇති දේශයකය. ඇය පුහුණුව ලත් හෙදියකි. විශාල රෝහලක අලුත උපන් ළදරු ඒකකයේ ඇය සේවය කරන්නීය. ඇයගේ කැපවීමේ සේවය කැපී පෙනුණේය. බොහෝ ස්ත්‍රීන් ඇය ගැන ගරුත්වයෙන් බලති. පුද්ගලිකව ඔවුහු ඇයගෙන් ප්‍රශ්න අසති. එවිට ඇමී විවෘතව ගැළවුම්කරුවාණන් ගැන කථා කරන්නීය.
ඇයගේ යහපත් ක්‍රියා නිසා හවුල් සේවකයෝ ඇය ගැන ඊර්ෂ්‍යාවී ඇය ඖෂධ සොරකම් කළ බවට පැමිණිළි කළෝය. ඇයගේ…
අඛණ්ඩ උපකාරකරුවාණෝ
කොඳු ඇටයට වූ හානියක් මාර්ටිව අංශභාග රෝගියෙකු කළේය. නමුත් නැවත විශ්ව විද්‍යාලයට ගොස් එම්.බී.ඒ. ඩිප්ලෝමාව හදෑරීමට ඔහු තීරණය කළේය. මාර්ටිගේ මව වන ජූඩි එම ඉලක්කය සපුරා ගැනීමට ඔහුට උදව් කිරීමට තීරණය කළාය. ඇය සෑම දේශනාවකට සහ කණ්ඩායම් පංති වලට සහභාගී වී සටහන් ගැනීමට ඔහුට උපකාර කළාය. ඔහුගේ තාක්ෂණික ගැටළු විසඳුවාය. ඔහු ඩිප්ලෝමාව ලබා ගන්නා විට වේදිකාවට යාමටද ඔහුට උදව් කළාය.…