ප්‍රවර්ගය  |  Uncategorized

දෙවියන්වහන්සේගේ මාර්ගයේ ගමන් කිරීම

"අපි යන්නේ මෙහෙන්" මාගේ පුත්‍රයාගේ උරහිසට අත තබමින් මම කීවෙමි. ඒ සෙනග අතර අප ඉදිරියෙන් යමින් සිටි ඔහුගේ මව සහ සහෝදරියන් අනුගමණය කිරීම පිණිසය. අප ගිය විනෝද උද්‍යානයේදී මෙය බොහෝ වාරයක් කිරීමට සිදුවුනි. ඔහු වෙහෙසව සිටියේය. ඉක්මණින් ඔහුගේ අවධානය වෙනත් පැති වලට යොමු විය.
"ඇයි ඔහුට ඔවුන් පස්සේ යන්න බැරි?" මම කල්පනා කළෙමි.

එවිට මාගේ සිතට යමක් තදින් කා වැදුණි. "ඒ…

ඔබගේ සහෝදරයාට ඇහුම්කන් දීම

"මම ඔබේ සහෝදරයා. ඔබ මට ඇහුම්කන් දෙන්න ඕනෑ". මෙම ඇවිටිල්ල අපගේ අසල්වැසි වැඩිමහල් සහෝදරයෙකුගෙන් පිටවිය. ඊට හේතුව ඔහුගේ මල්ලී වැඩිමහල් සහෝදරයාට පාලනය කර ගැනිමට නොහැකි දුරකට යමින් සිටි නිසාය. පැහැදිළිවම වැඩිමහල් සහෝදරයා ඒ අවස්ථාවේදී තත්ත්වය තීන්දු කිරීමට, වඩා හොඳ තැනැත්තාව සිටියේය.

සහෝදරයෙකුගේ හෝ සහෝදරියෙකුගේ හෝ අවවාද අප කී දෙනෙක් මග හැර ඇද්ද? ඔබට වඩා මුහුකුරා ගිය කෙනෙකුගේ අවවාද මග හැරීමට…

දිරිමත් කරන්නන්ගේ ආශිර්වාදය

2010 නිපදවුනු "රජුගේ කථාව" (The King’s Speech) යන චිත‍්‍රපටය එංගලන්තයේ 6 වන ජෝර්ජ් පිළිබඳව කියයි. ඔහු රජ බවට පත්වූයේ ඔහුගේ සහෝදරයා හදිසියේ රජකම අත්හැර දැමු විටය. ලෝකය දෙවන ලෝක යුද්ධය අභිමුවේ සිටියේය. රජයේ නිලධාරීන්ට අවශ්‍ය වූයේ හොඳ කථිකයෙකි. ඊට හේතුව ගුවන් විදුලියෙන් එකල කළ බලපෑමය. නමුත් 6 වන ජෝර්ජ්ට ගොත ගැසීමේ ගැටළුවක් තිබුණි.

ජෝර්ජ්ගේ භාර්යාව වන එලිසබෙත්ගේ භූමිකාව මා සිත්…

බලාපොරොත්තුවක් නැති මාර්ග

1986 දී පස් හැවිරිදි ලෙවන් මෙරිට් එංගලන්ත්යේ ජර්සි සත්වෝද්‍යානයෙහි ගෝරිල්ලන් සිටි කූඩුවකට අඩි 20 ක් ඉහළකින් වැටුණේය. දෙමාපියන් සහ නරඹන්නන් උපකාර ඉල්ලා කෑ ගසන විට උස මහතින් යුතු ජම්බෝ නැමැති පිරිමි ගෝරිල්ලා අනික් ගෝරිල්ලන් සහ සිහිසුන්ව සිටි දරුවා අතරින් සිට ගත්තේය. ඊළඟට ඔහු දරුවාගේ පිට මෘදු ලෙස අත ගෑවේය. ලෙවන් හඩන්න පටන් ගත් කල්හි ඔහු අනික් ගෝරිල්ලන් ඔවුන්ගේ කූඩුවලට යැවීය.…

බලාපොරොත්තුව සොයා ගන්නේ කොහෙන්ද

එලිසබෙත් බොහෝ කාලයක් මත් ද්‍රවය ඇබ්බැහිවීම් සමග පොර බැදු ස්ත්‍රියෙකි. ඇය ඉන් ගැළවුනු විට අන් අයට උපකාර වීමට ඇයට අවශ්‍ය විය. ඇය පත්‍රිකා ලියා නිර්නාමිකව නගරයේ තැන් තැන්වල තැබුවාය. එලිසබෙත් ඒවා වාහනවල වයිපර් අතරද උද්‍යානවල කණුවලද ගැසුවාය. ඇය බලාපොරොත්තුවේ ලකුණු සෙවුවාය. දැන් ඇය අන් අයට හමුවන පිණිස ඒවා තබන්නීය. ඇයගේ එක් පත්‍රිකාවක් අවසන් වන්නේ : "බොහෝ ප්‍රේමය සමග බලාපොරොත්තුව එවනු…

සුදුසු කාලයක්

මාගේ ප්‍රථම දරුවා විද්‍යාලයට යැවීම පිණිස මම ඊයේ ගුවන් ටිකට්පතක් ලබා ගතිමි. මා එය අන්තර්ජාලයෙන් ලබා ගන්නා අතර මාගේ ඇස්වලින් ගලා ගොස් යතුරු ලියනය මතට වැටුණු කඳුළු ගංගාව මධ්‍යයෙහි තවමත් මාගේ පරිඝණකයේ යතුරු ලියනය ක‍්‍රියා කිරීම මහත් පුදුමයකි. ඇය සමග ජීවත්වූ වසර දහඅට මට ඉතා ප්‍රීතිමත් කාලයක් විය. ඇය මාගෙන් වෙන්වීම මට මහත් දුකකි. නමුත් මට ඇති පාළුව නිසා ඇයට…

උන්වහන්සේගේ අතෙහි කැටයම් වී

1800 ගණන්වල ලංඩනයේ තම සභාවේ සිටි චාර්ල්ස් ස්පර්ජන් විසින් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ අත්වල අපව කොට ගෙන ඇති බව සඳහන් වන යෙසායා 49:16 හි වටිනාකම ගැන දේශනා කිරීමට ඉතා ආශා විය. ඔහු කීවේ එවැනි ඡේදයක් සිය වාර ගණන් දේශනා කළ යුතුය කියාය. එහි ඇති සිතුවිල්ල ඉතා වටී. එය අපගේ මනසේ නැවත නැවත ක්‍රියාත්මක කළ හැකිය.

ස්වාමින්වහන්සේගේ සෙනඟවන ඉශ්‍රායෙල්වරුන්ට දුන් මෙම පොරොන්දුව සහ…

ප්‍රේමයේ උරුමයන්

මම මාගේ මිත්තණියගේ බයිබලය පෙරළමින් සිටියෙමි. හදිසියේම වටිනා වස්තුවක් මගේ උකුළට වැටුණේය. කුඩා කඩදාසි කැබැල්ලක කුඩා දරුවෙකුගේ අකුරෙන් වචන කිහිපයක් එහි ලියා තිබුණි. "සිතින් දිළින්දෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය. ශෝකවන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු සනසනු ලබන්නෝය." (මතෙව් 5:3-4). ඒ අසලින් තිබුණේ ඇදවූ අකුරෙන් කරන ලද මාගේ මවගේ අත්සනයි.

මගේ මිත්තණියගේ පුරුද්ද වූයේ ඔවුන් බයිබල් පද ඉගෙන ගෙන සිතට ගන්නා පිණිස ඒවා ලිවීමට…

යාච්ඤා කිරීමේ නිවැරදි මාර්ගය

දිනපතා පාවිච්චිය නිසා ගෙවී ඇති දිනපොත්වල යාච්ඤාවක් සහ ප්‍රශංසාවක් ලියා ගන්නා සෙනග මාගේ ඇගයීමට ලක්වේ. ඉන්පසු ඔවුන් එම ලැයිස්තු පිළිවෙළට සකස් කරගනිති. එසේම අන් අය සමග යාච්ඤාවට රැස්වන දණගැසීම නිසා තම ඇඳන් අසළ ඇති කාපට් ගෙවී ගිය අය තුළින් මම ජ්වලිත වෙමි. මම ඔවුන්ගේ ක්‍රමය ඉගෙනීමටද පරිපූර්ණ යාච්ඤා ජීවිතයක් අනුගමණය කිරීමටද එසේම මට වඩා අලංකාර ලෙස යාච්ඤා කරන අය මෙන්…

ඔබට හොඳයිද?

මම කළු වර්ණ චොකලට් වලට කැමති නිසා "කළු චොකලට් ඔබට හොඳද?" සොයා බැලීමට ගූගල් වෙත පිවිසියෙමි. එයින් මට විවිධ ප්‍රතිඵල ලැබුණි. සමහර ඒවා හොඳයි කියාද සමහර ඒවා හොඳ නැත කියාද ප්‍රතිඵල ලැබුණි. ඔබටද ඕනෑම ආහාර වර්ගයක් ගැන දැන ගැනීමට එසේ කළ හැකිය. කිරි ඔබට හොඳද? කෝපි ඔබට හොඳද? බත් ඔබට හොඳද? මෙම ප‍්‍රශ්නයට හිසරදයක් සෑදෙන පිළිතුරු මාලාවක් තිබේ. එසේ හෙයින්…