අපට පළතුරු තිබේ!
තරුණ මවක් තම තෙහැවිරිදි දැරියට දිවා ආහාරය, සකසමින් සුසුම් ලෑවාය. ඔවුන්ගේ කුඩා කුස්සියේ තිබූ හිස් පළතුරු වට්ටිය දෙස බලා ඇය ශබ්ද නගා කීවේ "අපට පිරිච්ච පළතුරු වට්ටියක් තිබුණා නම් අපි පොහොසත් කියලා මට හිතෙනවා" කියාය. ඇයගේ කුඩා දියණියට එය ඇසුණි.
සති කිහිපයක් ගෙවී ගියේය. දෙවියන්වහන්සේ කුඩා පවුල නඩත්තු කළසේක. දිනක් ඇයගේ කුඩා දියණිය කුස්සියට දිව ආවාය. "අම්මේ බලන්න! අපි පොහොසත්!"…
අපට දැනගත හැක
වැදගත් හමුවීමකට යාම පිණිස මා දුම්රියේ වාඩිවී සිටිනා අතර මේ හරි දුම්රියදැයි මම කල්පනා කළෙමි. මම එ් පාරේ මින් පෙර ගොස් නැත්තෙමි. එසේම එ් ගැන කාගෙන්වත් ඇසීමට නොහැකි විය. අවසානයේ අවිනිශ්චිතභාවය සහ සැකය ඉස්මතුවූ නිසා මම ඊළඟ දුම්රිය ස්ථානයෙන් බැස්සෙමි. එ් නිවැරදි දුම්රිය බව මම එහිදී දැනගතිමි!
එම සිද්ධිය මට මතක් කර දෙන්නේ සැකය අපගේ සමාදානය සහ ස්ථීරබව සොරා ගන්නා…
දර්ශන මිටියාවත
පියුරිටන්වරුන්ගේ යාච්ඤාවක් වන "දර්ශන මිටියාවත" පවසන්නේ පව්කාර මිනිසා සහ ඔහුගේ ශුද්ධ දෙවියන්වහන්සේ අතර ඇති පරතරයයි. මිනිසා දෙවියන්වහන්සේට පවසන්නේ "ඔබවහන්සේ මා දර්ශන මිටියාවතට ගෙන ආසේක... පාප කඳුවලින් වටවී ඔබවහන්සේගේ මහිමය මම දකිමි." ඔහුගේ වැරදි දැක දැකත් මිනිසාට බලාපොරොත්තුවක් ඇති විය. ඔහු තවදුරටත් කියන්නේ "ගැඹුරු වළවල් වල සිට තරු බැලිය හැකිය. වළවල් ගැඹුරුවන තරමට තාරකාවල දීප්තිය වැඩිය" යනුවෙනි. කවිය අවසන් වන්නේ "මාගේ…
අඳුර විනිවිද
මා ප‍්‍රථමයෙන් එ්වා දුටුවේ විශ්ව විද්‍යාලයේ සිටින කාලයේය. ශරත් සෘතුවේ මීදුම ඇති දිනයක නගරයේ ආලෝකයෙන් මම ඈත්ව සිටියෙමි. පිදුරු ලොරියක, ශබ්ද නගන මිතුරන් සමඟින් මම ගමනක යෙදී සිටියෙමි. ක්ෂණයෙන් ආකාශය ආලෝකමත්වී ක්ෂිතිජය හරහා වර්ණ විහිදී ගියේය. මම තුස්නිම්භූත වීමි. එදින සිට අද දක්වා එම දර්ශනයෙන් මා විස්මපත් වන්නෙමි. එයට "ඖරෝරා බොරියාලිස්" හෝ උතුරු එළියැයි කියනු ලැබේ. බොහෝ විට ඒවා මා…
එ්වා බෙදා දෙන්න
විවිධ අවශ්‍යතා ඇති අයට උපකාර කරන බොහෝ සමාජ සේවාවන් යැපෙන්නේ අනවශ්‍ය ඇඳුම් සහ ගෙදර දොර භාණ්ඩ ඕනෑවටත් වඩා ඇති අයගේ ආධාරවලිනි. අන් අයට ප‍්‍රයෝජනවත් වන පිණිස භාවිතා නොකරන දේවල් දීම හොඳය. එහෙත් එදිනෙදා භාවිත කරන දේවල් දීමට අපි බොහෝ විට මැළිවන්නෙමු.
පාවුල් රෝමයේ සිරගතව සිටින විට ඔහුට විශ්වාසවන්ත මනුෂ්‍යයන්ගෙන් අඛණ්ඩ ධෛර්යය සහ සහභාගිත්වය අවශ්‍ය විය. එහෙත් පිලිප්පියේ යේසුස්වහන්සේගේ
අනුගාමිකයන්ට උපකාර…
දුගීන්ට සලකන්න
එම වර්ෂය 1780 වූ අතර ඔහු ලන්ඩනයේ පදිංචිව සිටි ප‍්‍රදේශයේ දිළිඳු නූගත් දරුවන් ගැන බරක් රොබට් රේක්ස්ට තිබිණි. එම දරුවන්ට උපකාර කිරීමට කිසිවක් සිදු නොවන බව ඔහු දුටුවේය. එහි වෙනසක් කිරීමට ඔහු ඉදිරිපත් විය.
ඔවුන්ට ඉරිදා දිනවල පාසැල් පැවැත්වීමට ඔහු කාන්තාවන් කිහිපදෙනෙකුට වැටුප් ගෙවීය. බයිබලය පෙළපොත ලෙස යොදා ගනිමින් ලන්ඩනයේ දුප්පත්ම ළමයින්ට බයිබලයේ ප‍්‍රඥාව ඉගැන්වීමට ගුරුවරියෝ ඉදිරිපත්වූහ. ඉක්මණින්ම දරුවන් 100කට…
අලුත් මැවිල්ලක්
මාගේ රැකියාවේ මුල් අවධියෙහි දෙවියන්වහන්සේගේ නාමය අගෞරව ලෙස භාවිතා කිරීමෙන් ඉමහත් ප‍්‍රීතියක් ලැබූ හවුල් සේවකයෙකු විය. අලුත් ඇදහිලිවන්තයින් සහ යේසුස්වහන්සේ ගැන ඔහුට කීමට උත්සාහ කළ අයව ඔහු ඉතා අකාරුණිකව විහිළුවට ලක්කළේය. එම රැකියාව අත්හැර, අලුත් රැකියාවක් සඳහා මා වෙනත් සමාජයකට ගිය විට, ඒ මිනිසා කිසිදාක යේසුස්වහන්සේගේ අනුගාමිකයෙකු නොවනු ඇතැයි මා සිතුවා මට මතකය.
ඊට වසර දෙකකට පසු වරක් මම මාගේ…
මුල් පියවර
මනහර ආරංචියක් කියන පිණිස දිනක් මිතුරියක් මා නතර කළාය. ඉන්පසු වසරක් වයසැති ඇයගේ මුණුපුරාගේ මුල් පියවර ගැන ඇය විනාඩි 10ක් විස්තර කළාය. "ඔහු ඇවිදිනවා!" වෙන කාට හෝ ඇසුනේ නම් අපට පිස්සු යැයි සිතනු ඇතැයි මම පසුව එය ගැන කල්පනා කළෙමි. බොහෝ අයට ඇවිදීමට පුළුවන. ඉතින් ඕක මොකක්ද?
ඉන්පසු ළදරු කාලය ගුණාත්මක විශේෂත්වයක් නිපදවන බවත් ඉතිරි ජීවිත කාලයේදී එය නැතිව යන…
පසුබෑම් වල හොඳ පැත්ත
ඇමරිකානු පිහිනුම් ශූරියක වන ඩාරා ටෝරෙස්ට අනර්ඝ ක‍්‍රීඩා ජීවිතයක් තිබිණ. ඇය 1984-2008 දක්වා ඔලිම්පික් තරඟ 5කට සහභාගි වූවාය. ඇයගේ ක‍්‍රීඩා ජීවිතයේ අවසන් භාගයේ ඇය මීටර් 50 නිදහස් ආර ඇමරිකානු වර්තාව බිඳ දැම්මාය. එ් ඇයම වසර 25කට පෙර තැබූ වාර්තාවය. එහෙත් ක‍්‍රීඩාව සැම විට වාර්තා සහ පදක්කම් පමණක් නොවේ. ඇයගේ මලල ක‍්‍රීඩා ජීවිතයේ ඇයට තුවාල, ශල්‍යකර්ම එසේම අනිත් බොහෝ තරඟකාරියන්ට වඩා…
විස්මයක් නොවේ!
"ඔහු ඔබට හරියට හරියනවා" මාගේ මිතුරිය මට කීවාය. ඇය කීවේ ඇයට ඊට විනාඩි කිහිපයකට පෙර හමුවූ තරුණයෙකු ගැනය. ඇය ඔහුගේ කරුණාවන්ත ඇස්, කරුණාවන්ත සිනහව, ඔහුගේ කරුණාවන්ත හදවත විස්තර කළාය. මා ඔහු හමුවූ විට මට ඇය සමඟ එකඟ වීමට සිදුවිය. ඔහු අද මාගේ ස්වාමියාය. මම ඔහුට පේ‍්‍රම කිරීම විස්මයක් නොවේ!
සාලමොන්ගේ ගීතිකාවේ මනාලිය තම ප්‍රේමවන්තයා විස්තර කරන්නීය. ඔහුගේ පේ‍්‍රමය මිදියුෂ වලට…