කිසිදින ඉගෙනීම නොනවත්වන්න
ෂෙරිල් බොහෝ පොත් කියවන්නියකි. අන් අය රූපවාහිනිය නරඹමින් හෝ වීඩියෝ ක‍්‍රීඩා කරමින් සිටින විට ඇය පොත් පිටුමත ගැඹුරින් නිමග්නව සිටින්නීය. මේ ජ්වලිතකමින් වැඩි ප‍්‍රතිශතයක් ඇයගේ කුඩා කාලයට දිව යයි. ඇයගේ පවුලේ අය, පොත් සාප්පු හිමියන්වූ මාමා සහ නැන්දා කෙනෙකු බැලීමට බොහෝ විට ගියෝය. එහිදී ෂෙරිල් ඇයගේ මාමා වන එඩ්ගේ ඔඩොක්කුවේ වාඩිවන්නීය. ඔහු පොත් කියවමින් එ්වායෙහි තිබූ රුචිය සහ මනහරත්වය ඇයට…
නුඹට මොකද?
සමාජ මාධ්‍ය බොහෝ දේවලට ප‍්‍රයෝජනවත්ය. එහෙත් සෑහීමට පත්වීම එම දේවල් අතර නැත. මට නම් කොහෙත්ම සෑහීමට පත්වීමක් නැත. මාගේ ඉලක්ක යහපත්ව තිබෙන විටද අන් අය මට වඩා ඉක්මණින් සහ වැඩි ප‍්‍රතිඵල ඇතිව එ්වා වෙත ළංවන බව මට නිතර මතක් කෙරේ. එ්වායින් මම අධෛර්යයට පත් වෙමි. එම අධෛර්යයට පත්වීමේ දුර්වලකම මට තිබේ. එහෙයින් දෙවියන්වහන්සේ මාගෙන් බලාපොරොත්තු වනදේ ඉෂ්ඨ කිරීමට අවශ්‍ය සියල්ල…
සිත වැටීමට ඉඩ නොදෙන්න
දවසට තුන්වරක් දිනපතා මා ආහාර පිසින විට එය නීරස දෙයක් විය හැකිය. පොතු ගලවා, කෑලිකර, කපා, මිශ‍්‍ර කර බැදෙන තුරු, තැම්බෙන තුරු හෝ ඉදෙන තුරු සිටීම වෙහෙස ගෙන දෙයි. එහෙත් කෑම ගැනීම නීරස නැත. දිනපතා කළද එය අපට තෘප්තියක් ගෙන දෙයි.
පාවුල් වැපිරීම සහ කැපීම යන නිදර්ශනය භාවිතා කළේ යහපත් වැඩ කිරීම වෙහෙසකර වන බව ඔහු දන්නා හෙයිනි (ගලාති 6:7-10).…
නිශ්චලතාවේ ශක්තිය
කිතුනු ජීවිතය මා ආරම්භ කළ කාලයේ එම කැපවීම මාගෙන් බලාපොරොත්තු වූ දේවල් නිස මාගේ පැරණි පාප මාර්ගවලට නොයා එක් වසරක්වත් සිටින්නට පුළුවන්දැයි මම කල්පනා කළෙමි. එහෙත් පහත ඇති දේව වාක්‍යය මට උපකාර විය."ස්වාමීන්වහන්සේ නුඹලා වෙනුවෙන් සටන්කරනසේක. නුඹලා නිශ්ශබ්දව සිටිය යුතුය" (නික්මයාම 14:14). ඉශ‍්‍රායෙල්වරු මිසරයේ වහල්කමින් නිදහස්වූ සැනින් ඵාරාවෝ ඔවුන් පන්නාගෙන එන විට මෝසෙස් ඔවුන්ට පැවසූ වචන එ්වාය. ඔව්හු බියට පත්ව…
සිතාගැනීමට නොහැකි
ෆැනී කෙම්බල් 1800 ගණන්වල මුල්කාලයෙහි ඇමරිකාවට පැමිණි බි‍්‍රතාන්‍ය නිළියකි. ඇය දකුණේ ඉඩම් හිමි ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ විය. ඔහුගේ නම පියර්ස් බට්ලර්ය. වතුපිටිවලින් ලැබුණු ආදායමෙන් ෆැනී මුලදී තෘප්තිමත් වූවාය. එහෙත් එම සුඛවිහරණ ලැබෙන ආකාරය එනම් ඇයගේ ස්වාමිපුරුෂයාගේ වතුවල සේවය කළ වහලූන් විඳි දුක් ගැහැට දැක ඇය වෙනස් විය.
වහලූන් බොහෝ විට විඳි කෲර අත්දැකීම් ගැන ඇය ලිපි පළ කළාය. කෙම්බල් ටික…
රැවටිලිකාර ජලධාරා
සැඟවුනු මොළය යන තම ග‍්‍රන්ථයේ රචක ෂන්කර් වේදන්තම්, විනෝදයට පිහිනීමට ගිය ගමනක් ගැන ලියයි. එදින ජලය නිශ්චලව පැහැදිලිව තිබිණ. ඉක්මනින් සෑහෙන දුරක් පිහිනීම ගැන ඔහුට උඩඟුකමක් දැනින. තමා ශක්තිමත් යැයි ඔහු සිතීය. ඔහු මෝය කටින් සාගරයට පිහිනීම ආරම්භ කළේය. එහෙත් නැවත ආපසු ඒමට උත්සාහ කරනවිට ඔහුට ඉදිරියට යාමට නොහැකි විය. මුහුදු රැල්ලෙන් ඔහු රැවටී සිටීයේය. පිහිනීම පහසුවී තිබුණේ ඔහුගේ ශක්තිය නිසා…
ඈත කඳු ගැටයක් මත
මාගේ දරුවන්ගේ කුඩා අවදියට මාගේ සිත බොහෝ විට යොමුවේ. එක් විනෝදජනක මතකයක් නම් අපගේ නැගිටීමේ කාල සටහනය. සෑම උදෑසනකම මම ඔවුන්ගේ නිදන කාමර වලට ගොස් මෘදු ලෙස ඔවුන්ට කථා කරමි. නැගිටින්න කාලය හරි, දවසට සූදානම් වෙන්න යැයි කියන්නෙමි.
දෙවියන්වහන්සේගේ ආඥාවලට කීකරුවීමට ආබ‍්‍රහම් පාන්දර නැගිට්ට බව කියවන විට මගේ දරුවන් නින්දෙන් පිබිදෙවූ එම අවදිය මට මතක්වේ. ඊසාක් ඇහැරවීම ආබ‍්‍රහම්ගේ දෛනික කාර්යයක්…
ශ්‍රේෂ්ඨතම කාරණය
සභාවේ රැස්වීමකදී පුටු පේළි කිහිපයකට එහායින් සිටි ළදරුවෙකු මම දුටුවෙමි. ළදරුවා තම පියාගේ උරහිස මත තම හිස තබා ගෙන සිටියේය. ඔහු සභාවේ සමහරෙකු දෙස බලන විට ඔහුගේ ඇස් විශාල විය. ඔහු සමහරෙකු දෙස බලා සිනහසුනේය, මිමිනුවේය. පිරුණු ඇඟිලි කටේ දැමීය. එහෙත් තමාගේ මහපටැඟිල්ල සොයා ගැනීමට ඔහුට නොහැකි විය. එ් සුරතල් ළදරුවා දෙස බලමින් සිටින විට මට සභාපාලකවරයා කී දේ අසා…
මෙතැන් සිට අරඹන්න!
1944 ජූනි 6 වන දින ප‍්‍රංශයේ නෝමැන්ඩිහි ඌටා වෙරළ අසබඩ බෝම්බ ගෙන යන නැවක සිටි ඇමරිකානු නිලධාරීන් තිදෙනෙකුට වැටහී ගියේ තමන් වැරදි ස්ථානයට පැමිණ සිටින බවය. තුන්දෙනා ක්ෂණික තීරණයක් ගත්තෝය. "අපි ගමන මෙතැනින් අරඹමු." අසීරු ආරම්භක ස්ථානයක සිට ඔවුන්ට ඉදිරියට යාමට සිදු විය.
තමන් අසීරු ස්ථානයක සිටින බව සාවුල්ට වැටහිණි. එ් දමස්කයට යන මාර්ගයේ්දී යේසුස්වහන්සේ හමුවීමෙන් පසු තීරණයක් ගැනීමට අවශ්‍යවූ…
අප කරන දෙය
සම්මාන ලාභී චිත‍්‍රපට විචාරක රොජර් ඊබට් මිය ගිය පසු හවුල් ලේඛකයෙකු ඔහු ගැන මෙසේ ලිවීය: "ඔහුගේ ප‍්‍රසිද්ධිය, සම්මාන, සම්මුඛ සාකච්ඡා සහ චිත‍්‍රපට තාරකා සමඟ කෙරුණාවූ හමුවීම් මධ්‍යයෙහි ඊබට් අප කළ දේ වල හරය අමතක නොකළේය. එනම් චිත‍්‍රපට විචාරය කිරීමයි. ඔහු එ්වා අන් අය කුල්මත් කරන උද්යෝගයකින් සහ තීක්ෂණ බුද්ධියකින් විවේචනය කළේය" (ඩෙනිස් කිං, ද ඔක්ලහෝමා සඟරාව).
තමා විය යුත්තේ කව්රුන්ද…