ප්‍රවර්ගය  |  Uncategorized

අළු වෙනුවට අලංකාරය

කොලරාඩෝ ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී ගින්න වූ මාෂල් ගින්නෙන් පසුව, එක් ක්‍රිස්තියානි සභාවකින් කණ්ඩායමක් එකතු වී, එහි ජීවත්ව සිටි පවුල්වලට අයිති වූ වටිනා භාණ්ඩ අළු මැද සෙවීමට උපකාර කිරීමට ඉදිරිපත් විය. පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ වටිනා වස්තූන් තවමත් අළු අතරේ ඇතැයි බලාපොරොත්තු විය. සම්බ වුනේ සුළු භාණ්ඩ ප්‍රමාණයක් පමණි. එක් මිනිසෙක් ඔහුගේ මංගල මුදුව ගැන මෘදු ලෙස කතා කළේය. ඔහු එය උඩුමහලේ…

සැමට එකම දොරක්

මගේ ළමා වියේ අසල්වැසි අවන්හලේ ක්‍රියා පිළිවෙළ 1950 ගණන්වල අගභාගයේ සහ 1960 ගණන්වල මුල් භාගයේ සමාජ සහ වාර්ගික ගතිකත්වයන්ට අනුකූල විය. මුළුතැන්ගෙයි සහායකයින් එනම් කෝකියා වන මේරි සහ මා වැනි පිඟන් සෝදන්නන් කළු ජාතිකයන් වූහ; කෙසේ වෙතත්, ආපනශාලාවේ අනුග්‍රාහකයන් වූයේ සුදු ජාතිකයන් ය. කළු ජාතියට අයත් වූ පාරිභෝගිකයින්ට ආහාර ඇණවුම් කළ හැකි නමුත් ඔවුන්ට එය ලබා ගත හැකි වූයේ පිටුපස…

අධෛර්යයමත් නොවන්න

මගේ මව ඩොරති හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි කාලයක් මට මතක නැත. බිඳෙනසුලු දියවැඩියා රෝගියෙකු ලෙස වසර ගණනාවක් ඇගේ රුධිරයේ සීනි ප්‍රමාණය වෙනස් විය. සංකූලතා (වෙනස්වීම්) වර්ධනය වූ අතර ඇගේ හානි වූ වකුගඩුවලට ස්ථිර ඩයලිසිස් (රුධිරය කාන්දු කිරීමක්) අවශ්‍ය විය. ස්නායු රෝග සහ අස්ථි බිඳීම රෝද පුටුවක් භාවිතා කිරීමට හේතු විය. ඇගේ ඇස් පෙනීම අන්ධභාවයට පත්වීමට පටන් ගත්තේය.

නමුත් ඇගේ ශරීරයෙන්…

දෙවියන්වහන්සේට යටත් වීම

තමන්ටම උදව් කරන අයට දෙවියන්වහන්සේ උදව් කරන්නේ නැත; උන්වහන්සේව විශ්වාස කරන සහ උන්වහන්සේ මත බලාපොරොත්තු තබන අයට උන්වහන්සේ උපකාර කරන සේක. ශුභාරංචි මත පදනම් වූ සාර්ථක රූපවාහිනී කතා මාලාවක් වන “ද චෝසන්” (තෝරා ගන්නා ලද) හි යේසුස්වහන්සේගේ චරිතය රඟ දක්වන නළු ජොනතන් රූමි 2018 මැයි මාසයේදී මෙය වටහා ගත්තේය. වසර අටක් තිස්සේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ජීවත් වූ රූමි අන්ත…

නොනැවතී අන්තරාදායක තත්ත්වයකට යාම

1892 දී, කොලරාව සහිත පදිංචිකරුවෙකු අහම්බෙන් එල්බේ ගඟ හරහා ජර්මනියේ සමස්ත ජල සැපයුම වන හැම්බර්ග් නගරය වෙත රෝගය සම්ප්‍රේෂණය කළේය. සති කිහිපයක් ඇතුළත පුරවැසියන් දසදහසක් මිය ගියේය. මීට වසර අටකට පෙර ජර්මානු ක්ෂුද්‍රජීව විද්‍යාඥ රොබට් කොක් විසින් සොයා ගැනීමක් සිදු කරන ලදී: කොලරාව ජලයෙන් බෝවන රෝගයකි. කොක්ගේ හෙළිදරව්ව විශාල යුරෝපීය නගරවල නිලධාරීන් ඔවුන්ගේ ජලය ආරක්ෂා කර ගැනීම සඳහා පෙරීමේ පද්ධතියට…

ක්‍රිස්තුස්වහන්සේ, අපගේ සැබෑ ආලෝකයයි

මෑත ඉරු දිනක සවස් කාලයකදී විශාල නගරයේ රෝහලකින් පිටතට යාමට අපි වෙහෙසුන අවස්ථාවකදී “ආලෝකය වෙත යන්න!” කියා මගේ සැමියා උපදෙස් දුන්නේය. රෝහල්ගත වී සිටි මිතුරෙකු බැලීමට ගිය අතර, අපි විදුලි සෝපානයකින් පිට වූ විට, සති අන්තයේ අපට පිටවීමේ දොරවල් වෙත යෑමට පෙන්වීම සහ දීප්තිමත් කොලරාඩෝ හිරු එළිය වෙත යොමු කිරීමට කිසිවෙකු එහි නොසිටියහ. නිසි එළියක් නොතිබූ කොරිඩෝවේ සැරිසැරූ අපට අවසානයේ…

ගෙවත්ත තුළ

මගේ පියා එළිමහනේ දෙවියන්වහන්සේගේ මැවිල්ලේ කාලය ගත කිරීමට, මසුන් ඇල්ලීමට සහ පාෂාණ සෙවීමට ප්‍රිය කළේය. ඔහු තම මිදුලේ සහ වත්තේ වැඩ කිරීමටද කැමති විය. නමුත් එය බොහෝ වැඩ කිරීමට සිදු විය! ඔහු කප්පාදු කිරීම, පොළොව කෙටීම, බීජ හෝ මල් සිටුවීම, වල් පැලෑටි උදුලු ගෑම, තණකොළ කැපීම සහ මිදුලට සහ වත්තට වතුර දැමීමට පැය ගණනක් ගත කළේය. එහි ප්‍රතිඵලය ඉතා වටිනා…

ලැයිස්තුවේ පළමුවැන්නා

උදෑසන ආරම්භ වූයේ ධාවන පථයේ තරඟයක් මෙනි. මම ඇඳෙන් ඉතා වේගයෙන් නැගිට, දවසේ නියමිත කාලසීමාවන් තුළට දියත් වුනෙමි. ළමයින්ව පාසලට ගෙන යාම; කළ බවට සනාථ කිරීම; කාර්යාලයට යෑම. කළ බවට සනාථ කිරීම. මගේ “කළ යුතු” ලැයිස්තුව ලිවීමට පූර්ණ උත්සාහයක් දැරුවෙමි, එහි පුද්ගලික සහ වෘත්තීය කාර්යන් හිම කුණාටුවක් බඳුවූ වෙහෙසකර කියා ගෙන යෑමක් මෙන් එකට වැටී තිබුණි:
“. . .13. ලිපිය…

ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ඔබ සතු දේ භාවිතා කරන්න

කීර්තිමත් මැහුම් ශිල්පිනියන්ගේ ශාලාව ගැන ඔබ කවදා හෝ අසා තිබේද? 2001 දී පිහිටුවන ලද, එය “මැහුම් අධ්‍යාපනය සහ නිෂ්පාදන සංවර්ධනය තුළින් අද්විතීය හා නව්‍ය දායකත්වයක් ලබා දෙමින් ගෘහ මැහුම් කර්මාන්තයට කල්පවත්නා බලපෑමක් ඇති කළ” පුද්ගලයින් හඳුනා ගන්නේය. එයට 2005 දී ශාලාවට ඇතුළත් කරන ලද මාර්තා පුල්ලන් වැනි පුද්ගලයින්ද ඇතුළත් වේ, ඇයව විස්තර කරන්නේ “හිතෝපදේශ 31 කාන්තාවක් හැටියටයි . . .…

අපේ බලාපොරොත්තුවේ නැංගුරම

අඳුරු මං තීරුවක වහළයට කාඞ්බෝඞ් කෑලි දමා, එය යට නිදා සිටින මිනිසුන්ගේ පින්තූරයක් මම එසෙව්වෙමි. “ඔවුන්ට අවශ්‍ය කුමක්ද?” මගේ හය වන පන්තියේ දහම් පාසල් සිසුන්ගෙන් මම ඇසුවෙමි. “ආහාර” කියා එක් දරුවෙක් කීවේය. “මුදල්” කියා තවත් දරුවෙක් කීවේය. “ආරක්ෂිත තැනක්,” කියා දරුවෙක් කල්පනාකාරීව කීවේය. ඒ සමඟම එක් දැරියක් පැවසුවේ :
“බලාපොරොත්තුව” කියාය.

“බලාපොරොත්තුව යනු යහපත් දේ සිදුවනු ඇතැයි අපේක්ෂා කිරීමයි,” ඇය…