දයාව සහ අනුග්‍රහය
වේගවත් මංතීරුවේ සිට අඩි කිහිපයක් ඈතින් පිහිටි ජාතික අධිවේගී මාර්ගයක් මධ්‍යයේ සූරියකාන්ත මලක් තනිවම තිබුණේය. සැතපුම් ගණනාවකට වෙනත් සූරියමල් දැක ගැනීමටවත් නොතිබුණු හෙයින් මෙය මෙතැන වැවුණේ කෙසේද කියා එය පසුකර යන මම කල්පනා කළෙමි. අළු පැහැති බොරළු මධ්‍යයට ආසන්නව පාරට කිට්ටුව වැඩෙන පැළෑටියක් නිර්මාණය කළ හැක්කේ දෙවියන්වහන්සේට පමණී. එහි එය සශ්‍රීකව වැඩෙමින් සුළඟේ මෘදු ලෙස වැනෙමින් තමන් පසුකර වේගයෙන් යන්නන්ට…
ශුභාරංචියේ බලය
පුරාණ රෝමයට තමන්ගේම “ශුභාරංචියේ” අනුවාදයක් තිබුණි. වර්ජිල් කවියාට අනුව දෙවිවරුන්ගේ රජවූ සීයුස් රෝමවරුන්ට අවසානයක් හෝ සීමාවක් හෝ නැති රාජ්‍යයක් නියම කර තිබුණි. දෙවිවරු ඔගස්ටස්ව දිව්‍ය පුත්‍රයා සහ ලෝකයේ ගැළවුම්කරුවා ලෙස තෝරා ගෙන තිබුණේ සාමයේ සහ සමාද්ධියේ ස්වර්ණමය යුගයක් උදා කරමිනි.
කෙසේ වෙතත් මෙය සෑම කෙනෙක්ගේම ශුභාරංචිය පිළිබඳ අදහස නොවේ. බොහෝ දෙනෙකු අකමැති වූවත් එය අධිරාජයාගේ හමුදාවේ සහ ඝාතකයන්ගේ දැඩි හස්තයේ…
ශ්‍රේෂ්ඨ අවසානයක්
මගේ ස්වාමිපුරුෂයා සහ පුතා චිත්‍රපටියක් නැරඹීම සඳහා රූපවාහිනී නාළිකා අතර සොයමින් යන අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රියතම චිත්‍රපට දැනටමත් විකාශය වෙමින් තිබෙන බව සොයා ගත්හ. අවසාන දර්ශන නැරඹීමෙන් ඔවුන් සතුටට පත්වෙමින් සිටි අතර සෙවීම ක්‍රීඩාවක් බවට පත්වුනි. ඔවුන්ගේ ප්‍රියතම චිත්‍රපට අටක් සොයා ගැනීමට ඔවුහු සමත් වූහ. කලකිරීමට පත්ව මම ඇසුවේ මුල සිටම නරඹන්න චිත්‍රපටයක් ඔවුන් තෝරා නොගන්නේ මන්ද කියාය. “හොඳ අවසානයකට ආදරය…
අවසාන සුවකරන්නා
පවුලේ සාමාජිකයෙක්ගේ දරුණු ආහාර අසාත්මිකතාවන්ට වෛද්‍ය ප්‍රතිකාර වලින් යම් සහනයක් ලැබෙන්න පටන් ගත් විට මම ඒ ගැන කෙතරම් කලබල වුනාද කිවහොත් නිතරම ඒ ගැන කථා කළෙමි. මම මෙම දැඩි ක්‍රියාවලිය විස්තර කළ අතර මෙම කාර්්‍යය සැළැස්ම නිර්මාණය කළ වෛද්‍යවරයාටද ප්‍රශංසා කළෙමි. අවසානයේදී සමහර මිතුරන් අදහස් දක්වමින් “සුව කිරීමේ ගෞරවය සෑම විටම දෙවියන්වහන්සේට ලබා දිය යුතුයි” කියා කීහ. ඔවුන්ගේ ප්‍රකාශය මාව…
අනතුරු ඇඟවීම්වලට අවනත වීම
මම වෙනත් රටක නිවාඩුවක් ගත කරමින් සිටියදී ගැට කපන්නෙක් මගේ දේපළ කොල්ලකෑමට උත්සාහ කළ විට මට එය පුදුමයක් නොවීය. උමං මාර්ග සොරුන්ගේ උවදුරු ගැන මම අනතුරු ඇඟවීම් කියවා තිබුණි. එම නිසා මාගේ මුදල් පසුම්බිය ආරක්‍ෂා කර ගැනීමට කුමක් කළ යුතුදැයි මම දැන ගෙන සිටියෙමි. නමුත් එසේ වේ යැයි මම කිසිසේත් බලාපොරොත්තු නොවූයෙමි.
වාසනාවකට මෙන් මගේ මුදල් පසුබිය උදුරා ගත් තැනැත්තාට…
හොඳ හේතුවක්
කාන්තාවන් දෙදෙනෙක් එකිනෙකා අතරේ මැදිමග ආසනවල වාඩිවී සිටියහ. ගුවන් ගමන පැය දෙකක් වූ නිසා ඔවුන්ගේ අන්‍යොන්‍ය ක්‍රියාවන් නොබලා සිටීමට මට නොහැකි වුනි. ඔවුන් එකිනෙකා දන්නා බව පැහැදිළිව පෙණුනි. සමහර විට නෑකමකුත් තියෙන්න ඇති. දෙදෙනාගෙන් බාල කාන්තාව (අවුරුදු හැට ගණන්වල විය හැකිය) ඇයගේ පසුම්බියට අත දමා වැඩිහිටි කාන්තාවට (ඇය අනූ ගණන්වල යැයි මම අනුමාණ කළෙමි) නැවුම් ඇපල් පෙති, ඉන්පසුව නිවසේ සාදා…
දෙවියන්වහන්සේගේ සැපයීම
අපි චීනයේ යූනාන් පළාතෙන් වෙන්ව වනාන්තරයේ තව තවත් ඇතුළට ගමන් කළෙමු. පැයකට පමණ පසු කන් බිහිරි වන තරම් ජල ඝෝෂාවක් අපට ඇසුණි. අපි ගමන් වේගය වැඩි කරමින් ඉක්මණින්ම එළිපෙහෙළි කරන ලද ස්ථානයකට ළඟා වීමු. අළු පැහැති ගල් අතරින් කඩා හැළෙන සුදු පැහැති මනහර ජල තිරයක් අපව පිළිගත්තේය. ඉතාමත්ම දර්ශනීයයි!
පැයකට පෙර අප හැර ආ ගමේ ජීවත්වූ අපගේ කඳු නැගීමේ සගයන්…
ඔබේ සතුරාට ප්‍රේම කිරීම
ඇය මාව දකින්න කලින් මම කාමරයකට රිංගා ගත්තෙමි. සැඟවී සිටීම ගැන මම ලැජ්ජා වූයෙමි. නමුත් ඇය සමග ඒ මොහොතේවත් කවදාක්වත් කටයුතු කිරීමට මම කැමති නොවූයෙමි. මගේ කැමැත්ත වූයේ ඇයට තදින් කථා කර ඇයව ඇගේ තැනේ තබා ගැනීමයි. ඇගේ අතීත හැසිරීම නිසා මා කෝපයට පත් වුවද මම ඇයව ඊටත් වඩා කුපිත කර ඇත්තෙමි.
යුදෙව්වන් සහ සමාරියයන්ද අන්‍යොන්‍ය වශයෙන් කෝපයට පත් වන…
පළිගැනීමට උත්සාහ නොකිරීම
ගොවියා තම ට්‍රක් රථයට නැගී උදෑසන භෝග පරීක්‍ෂා කිරීම ආරම්භ කළේය. වත්තේ කෙළවරට ළඟා වූ විට ඔහුගේ රුධිරය රත් වීමට පටන් ගත්තේය. යමෙක් නීති විරෝධී ලෙස ඔවුන්ගේ කුණු කසළ නැවත වරක් එහි දමා තිබුණි.
ට්‍රක් රථයට වීසි කරන ලද ආහාර කැබලි සහිත මලු පටවද්දී ගොවියාට ලියුම් කවරයක් හමු වුනි. එහි වරදකරුගේ ලිපිනය මුද්‍රණය කර තිබුණි. මෙන්න නොසළකා හැරිය නොහැකි තරම්…
කුණාටුව හරහා ඔසවා ගෙන යෑම
ස්කොට්ලන්ත මිෂනාරී ඇලෙක්සැන්ඩර් ඩෆ් 1830 දී ඉන්දියාවට ගිය පළමු ගමනේදී ඔහුගේ නැව දකුණු අප්‍රිකාවේ වෙරළට ඔබ්බෙන් කුණාටුවකට හසුවී මුහුදු බත් විය. ඔහු සහ ඔහුගේ සෙසු මගීන් කුඩා පාළු දූපතකට ළඟා වූහ. ටික වේලාවකට පසු කාර්ය මණ්ඩලයේ එක් අයෙක් ඩෆ්ට අයත් බයිබලයේ පිටපතක් වෙරළට ගසා ගෙන ගොස් තිබී සොයා ගන්නා ලදී. පොත වේලුණු පසු ඩෆ් දිවි ගළවා ගත් අයට ගීතාවලිය 107…