ප්‍රවර්ගය  |  Uncategorized

දෙවියන්වහන්සේ එහි සිටින සේක

ඕබ්රි ඇගේ වයස්ගත පියා වෙනුවෙන් ලොම් සහිත කබායක් මිළදී ගත් නමුත් ඔහු එය පැළඳීමට පෙර මිය ගියේය. ඒ නිසා ඇය දිරි ගැන්වීමේ සටහනක් සමග ඩොලර් 20 ක නෝට්ටුවක් එම කබායේ සාක්කුවට දමා එය පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කළාය.

සැතපුම් අනුවක් ඈතින් තම පවුලේ අක්‍රමිකතාව තවදුරටත් දරාගත නොහැකිව දහනව හැවිරිදි කෙලී කබායක්වත් නොගෙන නිවසින් පිටව ගියේය. යාමට ඇත්තේ එක් ස්ථානයක් බව…

උන්වහන්සේ ඔබ වෙනුවෙන් සටන් කරන සේක

තුවාල ලැබූ අශ්වයාට ඩ්‍රමර් බෝයි ලෙස නම් කරන ලදී. මෙම අශ්වයා, සුප්‍රසිද්ධ සැහැල්ලු බළකායේ සතුරාට විරුද්ධව කළ මෙහෙයුමේ බි්‍රතාන්‍ය සොල්දාදුවන්ව ඉදිරියට ගෙන ගිය අශ්වයන් 112 ස් දෙනාගෙන් එකෙක් විය. සත්වයා එතරම් ධෛර්්‍යයක් හා ශක්තියක් පෙන්නුම් කළ අතර ඌව පවරන ලද අණ දෙන නිලධාරී ලුතිනන් කර්නල් ද සාලිස් තීරණය කළේ ඔහුගේ නිර්භීත සොල්දාදුවන් මෙන් මෙම අශ්වයාත් පදක්කමක් ලබා ගැනීමට සුදුසු බවයි.…

දෙවියන්වහන්සේ සමග කාලය ගත කිරීම

ගංගාව ඒ තුළින් ගලා යන්නේය. මෙය බටහිර මොන්ටානාහි තම පියා වන ප්‍රෙස්බිටේරියන් පූජකයෙක් සමග හැදී වැඩුණු පිරිමි ළමුන් දෙදෙනෙක් ගැන කියවෙන නොර්මන් මැක්ලීන්ගේ නව කථාවකි. ඉරිදා උදෑසන නෝර්මන් සහ ඔහුගේ සහෝදරයා වූ පෝල් දේවස්ථානයට ගොස් ඔවුන්ගේ පියා දේශනා කරනවා අසා සිටිති. ඉරිදා සවස තවත් දේව මෙහෙයක් පැවැත්වුණු අතර ඔවුන්ගේ පියා නැවතත් දේශනා කරන්නේය. නමුත් එම දේව මෙහෙයන් දෙක අතරේ තමන්ගේ…

අපේ ප්‍රශ්න වලට වඩා විශාලය

ඩයිනෝසේරයන් ජීවත් වෙද්දී ඔවුන් කෙබඳු වන්න ඇත්දැයි ඔබගේ කල්පනාව කුමක්ද? ලොකු දත්? කොරපොතු සහිත සමක්? දිග වලිග? චිත්‍ර ශිල්පී කේරන් කාර් මෙම වඳවී ගිය ජීවීන් විශාල බිතුසිතුවම් වලින් ප්‍රතිනිර්මාණය කරයි. ඇගේ එක් පරිදර්ශනයක් අඩි විස්සකට වඩා උස්ව සහ අඩි හැටක් දිගව තිබුණි. එහි විශාලත්වය නිසා එය සෑම් නෝබෙල් ඔක්ලහෝමා ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ තබා ගැනීම පිණිස කොටස් වලට වෙන්කර ස්ථාපනය කිරීමට…

සමාදානයේ ජීවිතය

ඕස්ට්‍රේලියාවේ පර්ත් හී “ෂාලෝම් හවුස්” (සාමයේ නිවස) නම් ස්ථානයක් තිබේ. ඇබ්බැහිවීම් සමග පොර බදිමින් සිටින පිරිමින් උපකාරය සඳහා එහි යයි. ෂාලෝම් නිවසේදී ඔවුන්ව දෙවියන්වහන්සේගේ ෂාලෝම් වෙතට (නොහොත් හෙබ්‍රෙව් භාෂාවෙන් සමාදානය) යොමු කරන සැළකිලිමත් කාර්ය මණ්ඩලයක් හමු වේ. මත්ද්‍රව්‍ය, මත්පැන්, සූදුව සහ වෙනත් විනාශකාරී හැසිරීම්වලට ඇබ්බැහි වීමේ බරට යටවී ඇති ජීවිත දෙවියන් වහන්සේගේ ප්‍රේමය මගින් පරිවර්තනය වේ.

මෙම පරිවර්තනයට කේන්ද්‍රීය වන්නේ…

ඇදහිල්ලේ මාර්ගය

ට්‍රිනිඩෑඩ් හා ටොබෑගෝට එරෙහිව එක්සත් ජනපදය තරඟ කළ 2017 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයකදී ලෝකය පුදුමයට පත් කරමින් සොකා වොරියර්ස් කණ්ඩායම තමන්ට වඩා පනස් හයක් ඉහළින් ශ්‍රේණිගතව සිටි එක්සත් ජනපද පිරිමි ජාතික කණ්ඩායම පරාජය කළේය. ගෝල 2-1 ක් ලෙස ලබා ගනිමින් 2018 ලෝක කුසලානයෙන් එක්සත් ජනපද කණ්ඩායම ඉවත් කළේය.

ට්‍රිනිඩෑඩ් හා ටොබෑගෝගේ ජයග්‍රහණය එතරම්ම අනපේක්‍ෂිත වූයේ එක්සත් ජනපදයේ ජනගහණය සහ…

යේසුස්වහන්සේගේ ආසනය

මාගේ මිතුරිය වන මාජ්ට බයිබල් පාඩම් රැස්වීමකදී ටැමීව මුණ ගැසුණු විට ඔවුන් අතරෙ සමානකම් ඇත්තේ ස්වල්පයක් බව පෙනෙන්ට තිබුණි. නමුත් මාජ් ඇය හා මිතුරු වූ අතර ඇයගේ නව මිතුරියගෙන් වටිනා පාඩමක් ඉගෙන ගත්තාය. ටැමී කිසිම දිනෙක බයිබල් පාඩමකට සහභාගී වී නොතිබුණු අතර අනෙක් කාන්තාවන් කථා කළ දෙයක් තේරුම් ගැනීමට ඇයට අපහසු විය. එනම් දෙවියන්වහන්සේ ඔවුන් සමග සංනිවේදනය කරන බව. එය ඇය…

අපේ පියාගේ සැලකීම

ත්වෑක්! මම ශබ්දය දෙසට හිස හරවා හොඳින් සවන් දුනිමි. ජනේල වීදුරුවේ පැල්ලමක් දුටු මම පිටතට එබී බැලූ විට තවමත් පණ තිබෙන කුරුල්ලෙකුගේ සිරුර සොයා ගතිමි. මගේ හදවත වේදනාවට පත්වුණි. මෙම පිහාටු තිබෙන සත්ත්වයට උපකාර කිරීමට මම ආශාවෙන් සිටියෙමි.

ඉදිරියේදී පැමිණෙන අනතුරු ගැන දැනුම් දෙමින් ගෝලයින් සනසාලීම සඳහා ගේ කුරුල්ලන් ගැන උන්වහන්සේගේ පියාණන් වහන්සේ දක්වන සැළකිල්ල මතෙව් 10 හි යේසුස්වහ්න්සේ විස්තර…

දෙවියන්වහන්සේගේ බලය

රෙබෙකා සහ රසල්ගේ වෛද්‍යවරු ඔවුන්ට දරුවන් ලැබිය නොහැකි බව පැවසූහ. නමුත් දෙවියන් වහන්සේට වෙනත් අදහසක් තිබුණි. වසර දහයකට පසු රෙබෙකා පිළිසිඳ ගත්තාය. ගැබ් ගැනීම සෞඛ්‍ය සම්පන්න එකක් විය. සංකෝචනය ආරම්භ වූ විට යුවළ කලබලයෙන් රෝහලට ගියහ. එහෙත් ප්‍රසූත කාලය දීර්ඝ හා තීව්‍ර වූ අතර රෙබෙකාගේ සිරුරද දරු ප්‍රසූතිය සඳහා ප්‍රමාණවත් ලෙසින් ප්‍රගතියක් ලබා නොතිබුණි. අවසානයේ වෛද්‍යවරයා තීරණය කළේ හදිසි සැත්කමක්…

දේව රාජ්‍යය

මගේ මව ඇගේ ජීවිත කාලය පුරාම බොහෝ දේ සඳහා කැපවී සිටියත් නිරන්තරයෙන් පැවතුණේ කුඩා දරුවන්ට යේසුස්වහන්සේව හඳුන්වා දීම දැකීමට ඇති ආශාවයි. මගේ මව විසින් ප්‍රසිද්ධියේ එකඟ නොවූ මා දුටු අවස්ථා කිහිපය අතරින් සෑම දෙයක්ම වඩාත් බරපතල වියදම් යැයි හැඟෙන දේට පක්‍ෂව ළමා සේවය සඳහා වූ අයවැය කප්පාදු කිරීමට යමෙක් උත්සාහ කළ අවස්ථාවන් වලදීය. “ඔබේ සහෝදරයා ලැබෙන්න මා ගැබිණියක්ව සිටියදී එක්…