ඔබ කව්රුන්ද?
ඔහුගේ නම ඩනියන්ය. තමා ලෝකයේ සිසුවෙක් යයි ඔහු සිතයි. ඔහු ගමන් කළ සියලුම නුවරවල් සහ නගර ගැන බලා “එය විශාල පාසැලක්ය” කියා ඔහු කීවේය. මනුෂ්‍යයන්ව හමුවී ඔවුන්ගෙන් ඉගෙන ගැනීමට ඔහු තම පාපදියෙන් වසර හතරක ගමනක් ආරම්භ කළේය. භාෂා ප්‍රශ්නයක් ඇති වූ විට සාමාන්‍යයෙන් එකිනෙකා දෙස බලා සිටීමෙන් ජනතාව තේරුම් ගත හැකි බව ඔහු දැන ගත්තේය. එසේම ඔහු තම දුරකථනයේ ඇති…
කථා කිරීම නැමැති නත්තල් ත්‍යාගය
ටොම්ගේ කථා කිරීමේ හැකියාව පශ්චාත් ශල්‍යකර්ම ආබාධයක් නිසා නැති විය. ඔහුට බොහෝ කාලයක් රෝහලේ ඉන්නට සිදු විය. සති කිහිපයකට පසු ඔහු අපගේ සභාවේ ස්තුති දීමේ දේව මෙහෙයට ආ විට අපි පුදුම වූයෙමු. ඔහු කථා කිරීමට නැගිට සිටි විට අපි තවත් පුදුම වූයෙමු. කථා කළ යුතු දේවල් සොයමින් ඔහුගේ වචන පැටළුණි. සමහර දේවල් ඔහු නැවත නැවත කීවේය. දිනයන් සහ කාලයන් පටළවා…
යාච්ඤාවෙන් යුත් මල්ලව පොරය
යමෙකු අලුත් ගිවිසුමක් දුන් කල ඩෙනිස්ගේ ජීවිතය වෙනස් විය. එය කියවා ඔහු එයට ආකර්ශණය විය. එය ඔහුගේ අඛණ්ඩ සහායකයා බවට පත්විය. මාස හයක් තුළ පරිවර්තන දෙකක් ඔහුගේ ජීවිතය තුළ සිදු වුනි. ඔහුගේ පාප සමාව සඳහා ඔහු තම විශ්වාසය යේසුස්වහන්සේ මත තැබූවේය. ඔහු දැඩි හිසේ රදයක් අත් දැක්ක අතර ඔහුගේ මොළයේ ගෙඩියක් ඇති බව සොයා ගැණුනි. ඉවසා ගත නොහැකි වේදනාව නිසා…
උදෑසන මීදුම
එක් උදෑසනක මම අපේ ගෙය අසළ ඇති පොකුණ වෙත ගියෙමි. එහි තිබු පෙරළුණු බෝට්ටුවක් මත වාඩි වීමි. බටහිර සුළඟක් ජලය මත තිබූ මීදුම් වලා පටලයක් පහ කර දමන අයුරු මම කල්පනා කරමින් බලා සිටියෙමි. මීදුම් ගුලි එහේ මෙහේ කැරකුණි. කුඩා සුළි කුණාටු නැග අවුත් පසුව වෙහෙසට පත් විය. වැඩි වේලාවක් යන්නට මත්තෙන් හිරු එළිය වලාකුල් අතරින් අවතීර්ණ වී මීදුම නොපෙනී…
සත්‍ය සේවකයා
ක්‍රි.පූ. 27 දී රෝමානු පාලක ඔක්ටේවියන් තම බලය ඉවත් කර ගැනීමට සෙනේට් සභාව ඉදිරියට ආවේය. ඔහු සිවිල් යුද්ධයක් ජය ගෙන තිබුණි. රාජ්‍යයේ එකම පාලකයා වී සිටියේය. අධිරාජ්‍යයා වශයෙන් ක්‍රියා කරමින් සිටියේය. නමුත් එම බලය සැකයට භාජනය වූ බව ඔහුට දැණුනි. තමා පත්කළ නිලධාරියෙක් ලෙස ක්‍රියා කරන්නෙමි කියා ඔහු පැවසීය. ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක්ද? ඔහුට සිවිල් ඔටුන්නක් දී රෝම සෙනගගේ සේවකයා ලෙස…
දෙවියන්වහන්සේගේ මග පෙන්වීම
යුවළකගේ බැංකු ගිණුමට ඩොලර් 120,000 ක් තැන්පත් වුනි. ඔවුන් දෙදෙනා සාප්පු සවාරියේ ගියහ. ඔව්හු බිල්පත්ද ගෙවා දමා ජීප් රියක්ද තවත් වාහන තුනක්ද ගත්තෝය. බැංකුව වැරැද්ද සොයා ගත් පසුව මුදල් නැවත ගෙවන්න යයි ඔවුන්ට දන්වා සිටියේය. අවාසනාවකට ස්වාමිපුරුෂයා සහ භාර්යයාව සියල්ල වියදම් කර තිබුණි. වංචාව සහ සොරකම යටතේ ඔවුන්ට නඩු පැවරුණි. ඔවුන් උසාවියට පැමිණී පසු ස්වාමිපුරුෂයා වාර්තාකරුවන්ට කියා තිබුණේ “අපි වැරදි…
එකම කණ්ඩායමේ
ෆිලඩෙල්ෆියා ඊගල් කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩක කාර්සන් වෙන්ට්ස් දරුණු තුවාලයක් සුවවී නැවත ක්‍රීඩාවට අවතීර්ණ වූ විට කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයෙක් වන නික් ෆෝල්ස් ඉතා සතුටින් පිටතට ආවේය. ඔවුන් දෙදෙනා එකම ස්ථානයක තරඟ කලද ඔවුන් එකිනෙකාට උපකාර කර ගෙන තම භූමිකා ගැන ස්ථීර කමින් සිටියේය. එක් වාර්තාකරුවෙකු නිරීක්‍ෂණය කළේ ක්‍රිස්තුස්වහන්සේ තුළ මුල් බැස ඇති අසමසම සම්බන්ධතාවයක් ඔවුන් දෙදෙනාටම තිබූ බවයි. එය පෙන්නුම් වූයේ…
දොස් තැබීම ඉවත් කරන ලදී
කුඩා කාලයේදී තමාගේ බාල නැගණියට සළකන ලද ආකාරය ගැන දීපිකාගේ සිත වසර ගණනාවක් ඉතා ගැඹුරු දොස් කීමකින් බරවී තිබුණි. ඇය තම නැගණියගෙන් සමාව ඉල්ලා ඇගෙන් සමාව ලැබ ගත්තත් සිත දොස් කීම පහවූයේ නැත.
යෙසායා 6:1-5 වාර්තා කරන්නේ යෙසායා දෙවියන්වහන්සේ ගැන දර්ශනයක් දැකීම සහ ඔහුගේ පාපකාරී ස්වභාවය පිළිබඳව දොස් කීමෙන් නිදහස් වීමයි. ඔහුගේ තොල් ගිනිගෙන දැවෙන ගල් අඟුරින් ස්පර්ශ වූ විට…
බෙටී නැන්දාගේ ක්‍රමය
මා කුඩා කල අපට බොහෝ ප්‍රේම කළ බෙටී නැන්දා නිවසට පැමිණෙන විට අපට නත්තල් මෙන් දැනේ. ඇය “ස්ටාර් වෝස්” සෙල්ලම් බඩු ගෙන එන්නීය. ඇය යන විට මා අතෙහි මුදල් මිට මොළවන්නේය. මම ඇය සමග සිටින විට ඇය ශීතකරණය අයිස්ක්‍රීම් වලින් පුරවා තබන්නීය. කිසි දිනෙක එළවළු ඉව්වේ නැත. ඇය අපට පැනවූයේ ඉතා සුළු නීති ප්‍රමාණයකි. රෑ බෝ වන තුරු අවදිව සිටීමට…
වියදම් අඩු නත්තල
තමා නත්තල් තෑගී ගැනීමට වියදම් කරනවා වැඩි යයි මවකට දැණුනි. ඒ හෙයින් එක වසරකදී ඇය වෙනත් දෙයක් කිරීමට තීරණය කළාය. නිවාඩුවට මාස කිහිපයකට පෙර ඇය සේල් වල ඇති වැඩි මිළක් නැති පාවිච්චි කරන ලද දේවල් සොයා ගියාය. ඇය අඩු මුදලකට බොහෝ ප්‍රමාණයක් ගත්තාය. නත්තලට පෙර දින ඇගේ දරුවෝ උද්‍යයෝගයෙන් තෑග්ගෙන් තෑග්ග ගළවා බැලුවෝය. ඊළඟ දවසේ තවත් තිබුණි. දරුවෝ නැවත ඒවා…