ගිනි මැද
ස්පාඤ්ඤයේ ඇන්ඩිල්ලා ප්‍රදේශයේ ලැව්ගින්නක් හේතුවෙන් අක්කර 50,000ක් පමණ දැවී අළුවී ගියේය. කෙසේවෙතත්, ඒ විනාශය මධ්‍යයේ, දීප්තිමත් කොළ පාටින් යුත් සයිප්‍රස් ගස් 1,000ක් පමණ ඉතිරිව තිබුණේය. ජලය රඳවාගැනීමේ හැකියාව හේතුවෙන් ගින්න ආරක්‍ෂාකාරීව විඳදරාගැනීමට එම ගස්වලට හැකි විය.
බබිලෝනියේ නෙබුකද්නෙසර් රජතුමාගේ පාලන කාලයේ, කුඩා මිතුරන් කණ්ඩායමක් රජතුමාගේ උදහසේ ගිණිදැල් වලින් බේරුණේය.- ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ, නෙබුකද්නෙසර් රජතුමා විසින් නිර්මාණය කරන ලද පිළිමයකට…
දෙවියන්වහන්සේ කථා කළ විට
බයිබල් පරිවර්ථකයකු වූ ලිලී, ඇගේ මව් රට කරා ගුවනින් යන විට ඇයව ගුවන්තොටුපොළේ රඳවාගන්නා ලදී. ඇගේ ජංගම දුරකථනය පරික්‍ෂා කරන විට එහි තිබුණු නව ගිවිසුමේ ශ්‍රව්‍ය පිටපතක් එම නිලධාරින්ට හමු විය. ඔවුන් ඇගේ දුරකථනය රාජසන්තක කර පැය දෙකක කාලයක් ප්‍රශ්න කරන ලදී. එක් අවස්ථාවකදී එම ශුද්ධ ලියවිලි හඬපටිය ක්‍රියාත්මක කරන්න කියා ඔවුන් ඇයට කීවෝය. එම අවස්ථාවේදී එහි මතෙව් 7:1-2 පද…
දීර්ඝ මාර්ගය
තම හවුල් සේවකයන් එකිනෙකා උසස්වීම් ලබද්දී බෙන්ජමින්ට ඊර්ෂ්‍යාවේ හැඟීම් පහලවීම වළක්වන්නට නොහැකි විය. “ඔබ තවම මැනේජර් කෙනෙක් වුනේ නැත්තේ ඇයි? ඔබ එයට සුදුසුයි”, මිතුරන් ඔහුට කීවේය. නමුත් ඔහුගේ රැකියාව දෙවියන්වහන්සේට භාර දීමට බෙන් තීරණය කළේය. “මෙය මට දෙවියන්වහන්සේගේ සැළැස්ම නම්, මම මගේ රැකියාව හොඳින් කරනවා”, ඔහු පිළිතුරු දුන්නේය.
වසර ගණනාවකට පසු, බෙන් ට උසස්වීමක් ලැබිණ. ඒ වන විට, ඔහුගේ අමතර…
නැවත ගෙදර පැමිණීම
වෝල්ටර් ඩික්සන්ට කොරියානු යුද්ධයට යාමට නැව් නැගීමට පෙර තම මධුසමය ගත කිරීමට තිබුණේ දින 5ක් පමණි. වසරක් ගතවීමටත් පෙර, සොල්දාදුවන්ට යුධපිටියේ හමුවුනේ, සාක්කුවල තම භාර්‍ය්‍යාවගෙන් ලැබූ ලිපි පුරවාගෙන තිබූ ඩික්සන්ගේ කබාය යි. හමුදා නිලධාරීන් ඔහුගේ තරුණ භාර්‍ය්‍යාවට දැනුම් දුන්නේ ඇගේ ස්වාමිපුරුෂයා ක්‍රියාන්විතයේ මියගොස් ඇති බවය. ඇත්තෙන්ම, ඩික්සන් ජීවත්ව සිටියා. ඔහු ඊලඟ වසර 2 1/2 යුධ සිරකරුවෙක් ලෙස ගත කළා. අවදිව…
සමාවදීමේ ජයග්‍රහණය
ලිංගික පාප සහ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මැක් නම් තැනැත්තා අසහනයට පත්ව සිටියේය. ඔහුට වටින සම්බන්ධතා අවුල්වී තිබූ අතර ඔහුගේ හෘදසාක්‍ෂිය ඔහුට වධ දුන්නේය. ඔහුගේ දුක්ඛිත තත්ත්‍වය තුළ, දේවගැතිවරයකු සමඟ කථාකරන්නට සොයමින් නොදැනුවත්වම සභාවකට පැමිණුනේය. එතැනදී තමන්ගේ සංකීර්ණ කථාව බෙදාගැනීම තුලින් සහ දෙවියන්වහන්සේගේ සමාව සහ දයාව ගැන අසා ඔහුට සහනයක් ලැබුණේය.
ගීතාවලිය 32 දාවිත් විසින් ලියනු ලැබුවේ තමන්ගේ ලිංගික පාපයට පසුව…
අපගේ භූමිකාව කියාත්මක කිරීම
“ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්” නම් සංගීතමය නාට්‍යයයෙහි රඟපෑමට මාගේ මිණිබිරියන් දෙදෙනෙකු සම්මුඛ පරීක්‍ෂණයකට සහභාගිවූ අවස්ථාවේ ඔවුන් දෙදෙනාටම ප්‍රධාන චරිත ලබාගැනීමට දැඩි ආශාවක් තිබුණේය. මැගීට අවශ්‍ය වුනේ තරුණ ඇලිස්ගේ චරිතය රඟපාන්නටයි. කේටි සිතුවා මැටිල්ඩාගේ චරිතය ඇයට හොඳයි කියා. නමුත් ඔවුන්ට ලැබුණේ මල් මෙන් රඟපෑමටයි.
නමුත්, “ප්‍රධාන චරිත රඟපාන්නට ලැබුණු ඔවුන්ගේ මිතුරියන් ගැන ඔවුන් බොහොම සතුටුවුනා” කියා මාගේ දියණිය පැවසුවාය. තම මිතුරියන්ගේ උද්යෝගය…
මිනිසුන්ට අමතක වෙනවා
එක් කාන්තාවක් තම සභාපාලකවරයාට පැමිණිලි කරමින් එතුමාගේ දේශනාවල සමහර කොටස් නැවත නැවත කියවෙන බව පෙන්වා දුන්නාය. “ඔබතුමා ඇයි එහෙම කරන්නෙ?” ඇය ඇසුවාය. “මිනිසුන්ට අමතක වෙනවා”, දේශකයා පිළිතුරු දුන්නේය.
අපට අමතක වීමට බොහෝ හේතු තිබෙනවා . කාලය ගෙවී යාම, වයසට යාම හෝ වැඩ අධික වීම යනාදිය. අපට මුරපද (පාස්වර්ඩ්) අමතක වෙනවා, මිනිසුන්ගේ නම් හෝ සමහර විට අපගේ වාහනය නැවැත්වූ ස්ථානයද අමතක…
ප්‍රතිඵල දෙවියන්වහන්සේට භාරදෙන්න
වසර ගණනාවකට පෙර මට විශ්වවිද්‍යාල නේවාසික සිසුන් කණ්ඩායමකට කථාකිරීමට ආරාධනා ලැබිණ. ඔවුන් උද්ඝෝෂන කිරීමට ප්‍රසිද්ධියක් දැරූ බැවින් මම මිතුරෙකුත් රැගෙන ගියෙමි. ඔවුන් පාපන්දු ශූරතාවක් ජයගෙන එදින සමරමින් උන්නේය. රාත්‍රි ආහාර වෙලාව ඉතාම කළබලකාරී ස්වභාවයක් ගත්තේය. අවසානයේදී, ඒ නේවාසිකාගාර සභාපති නැගිට “දෙවියන්වහන්සේ ගැන කථාකරන්න දෙදෙනෙක් මෙතැනට ඇවිත් ඉන්නවා” කියා දැනුම් දුන්නේය.
මම වෙවුලමින් නැඟිට ඔවුන්ට දෙවියන්වහන්සේගේ ප්‍රේමය ගැන කථාකරන්නට පටන්ගත්තා. කාමරය…
මිහිරිම අස්වැන්න
අපගේ නිවස මිලදී ගත් විට, එහි සිටුවා තිබූ මිදි වැලද අපට උරුම විය. ගෙවතු වගාවට ආධුනිකයන් වූ අප එය කප්පාදු කිරීම, වතුර දැමීම සහ රැකබලා ගැනීම පිළිබඳ ඉගෙනගන්නට සෑහෙන කාලයක් වැය කළෙමු. අපගේ පළමුවැනි අස්වැන්න ලැබුණු විට, මම මිදිවැලෙන් ගෙඩියක් කඩා කටේ දාගත්තෙමි. නමුත් එහි අමිහිරි ඇඹුල් රස දැණුන විට මගේ බලාපොරොත්තු සුන් විය.
මිදිවැලක් ඉතා අමාරුවෙන් රැකබලාගෙන එහි තිත්ත…
මෙම ගෙදර විනාශ කරන්න
මිචිගන්හි පොන්ටියැක් ප්‍රදේශයේ ගොඩනැගිලි කඩා දමන සමාගමක් විසින් වැරදි ගෙය ඩෝසර් කරන ලදී. පරීක්‍ෂකවරුන් විශ්වාස කරන්නේ, කඩා දමන්නට නියමිතව තිබූ ගෙයි අයිතිකරු තම නිවසේ නොම්මරය වෙනත් ගෙයකට සවිකර තමන්ගේ ගෙය කඩා දැමීම මගහැරිය බවයි.
යේසුස්වහන්සේ ඊට ප්‍රතිවිරුද්ධ දේ කළ සේක. උන්වහන්සේ යෙදී සිටියේ තමන්ගේ “නිවස” අන් අය වෙනුවෙන් කඩා දැමීමේ මෙහෙවරකය. දර්ශනය සිතින් මවාගන්න. යේසුස්වහන්සේගේ ගෝළයින් ඇතුළුව, හැමදෙනාම මොනතරම් වියවුල්…