ප්‍රවර්ගය  |  Uncategorized

අවසානයෙන් පටන් ගන්න

“ඔබ ලොකු වූණාම කවුරුන් වෙන්න කැමතිද?” යන ප්‍රශ්නය කුඩා කාලයේදී බොහෝ අවස්ථාවන්හි මාගෙන් අසා තිබුණි. පිළිතුර සුළඟ මෙන් වෙනස් විය. වෛද්‍යවරයෙක්, ගිනි නිවන භටයෙක්, මිෂනාරි වරයෙක්, නමස්කාර මෙහෙයවන්නෙක් හෝ රූපවාහිනි තරුවක් වූ මැක්ගයිවර් වැනි අයෙක් ඒ අතර විය. දැන් දරුවන් සතර දෙනෙක් සිටින පියෙකු ලෙස එම ප්‍රශ්නය ඔවුන්ගෙන් ඇසීම ඔවුන්ව අසීරුතාවයට පත් කරන්නේ යයි මට සිතේ. “ඔබ දක්‍ෂ කුමකටදැයි මම…

අමුතු සහනයක්

ලීසාට ලැබුණු කාඩ් පතෙහි තිබුණු බයිබල් පදය ඇය සිටි තත්ත්වයට සුදුසු නැති බව පෙණුනි. “ස්වාමින්වහන්සේ තරුණයාගේ ඇස් පැහැදු සේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය” (2 රාජාවලිය 6:17). මට පිළිකාවක් තිබේ. ඇය වියවුල්ව සිතුවාය. මගේ බබා නැතිවුනා. දේවදූත හමුදාවක් ගැන පදයක් මට අදාළ නැත.

ඉන්පසු මෙම දේවදූතයන් පෙනෙන්න පටන් ගත්හ. පිළිකාවලින් සුවවූ අය…

බලෙන් ඇතුල්වන්නන් ඉවත් කිරීම

මාගේ ස්වාමිපුරුෂයා ඇඳෙන් බැස කුස්සියට යන විට එළිය වැටී නොතිබුණි. විදුලි බල්බය නිවෙනවා පත්තුවෙනවා මම දුටුවෙමි. ඔහු කුමක් කරනවාදැයි මම කල්පනා කළෙමි. පෙරදින උදයේ මම අපගේ මුළුතැන්ගෙයි මේසය මත සිටි “බලෙන් ඇතුල්වන්නෙකු” නිසා මොර ගැසූ බව මට මතක් විය. ඒ මා අකමැති පාද හයේ සත්ත්වයෙකි. මාගේ ස්වාමිපුරුෂයා මාගේ භිය දන්න නිසා ඔහුව ඉවත් කිරීම සඳහා වහා පැමිණියේය. බියෙන් තොරව මට…

උන්වහන්සේ අපව අත් නාරින සේක

ජෝර්ජ් වොෂිංටන් පාලම හරහා ජුලියෝ බයිසිකලයක් පදිමින් සිටියේය. එය නිව්යෝර්ක් සහ නිව් ජර්සි යා කරන කාර්ය බහුල තට්ටු දෙකේ පාලමකි. එහිදී ඔහු ජීවිතයත් මරණයත් අතර තත්ත්වයක් දුටුවේය. පාලමේ සිට ගඟට පැනීමට මිනිසෙකු තැත් කරමින් සිටියේය. වෙලාවට පොලිසිය පැමිණෙන්නේ නැති බව දැනගත් ජූලියෝ ක්‍ෂණිකව ක්‍රියාත්මක විය. ඔහු බයිසිකලයෙන් බැස දෑත් දිගු කොට “ඕක කරන්න එපා. අපි ඔබට ආදරෙයි” වැනි යමක් කී…

ක්‍රිස්තුස්වහන්සේව පරාවර්තනය කරන්නේ කෙසේද?

ඇයට වයස අවුරුදු හතරේදී ඇයගේ මව මිය යන තෙක්ම ලිසියුක්ස්හි තෙරේසී ප්‍රීතිමත් නිදහස් දරුවෙක් වූවාය. එහෙත් ඇය බියසුළු ඉක්මණින් කලබල වන දැරියක බවට පත් විය. නමුත් බොහෝ වසර ගණනාවකට පසු නත්තලට පෙර දින රාත්‍රියෙහි ඇය ක්‍ෂණිකව වෙනස් වූවාය. සභාවේ සමූහනය සමඟ යේසුස්වහන්සේගේ උපත සැමරීමෙන් පසුව ඇයගේ බියෙන් ඇය මිදී ඇයට ප්‍රීතිය ලැබෙන බව අයට තේරුම් ගියාය. මෙම වෙනසට හේතුව යේසුස්වහන්සේ…

ප්‍රේමයෙහි මුල් බැස

“එයට අවශ්‍ය එපමණයි” මෙගන් කීවාය. ඇගේ ජෙරනියම් මල් ගසින් නටුවක් කපා ගෙන එහි අග පැණියෙහි ඔබා කොම්පෝස්ට් වලින් පිරුණු පෝච්චියක සිටවුවාය. මෙගන් මට ජෙරනියම් බෝ කරන අයුරු ඉගැන්වූවාය. ඒ එක් නිරෝගී ශාඛයකින් බොහෝ පැල ලබා ගන්නා ආකාරයයි. එවිට අන් අය සමග බෙදා ගන්නා පිණිස මට මල් තිබෙනු ඇත. පැණි දමන්නේ මුල් ඇද ගැනීම පහසු කරන පිණිස යයි ඇය කීවාය.

ඇය…

බලන පිණිස ඇස්

මම මෑතකදී කොටස් වශයෙන් පෙනෙන චිත්‍රවල අලංකාරය සොයා ගතිමි. ඒවා පළමුවෙන් පෙනෙන්නේ වෙනස් වෙනස් කොටස්වල එකතුවක් ලෙසටය. එම චිත්‍රයක් හරියට බැලිය හැක්කේ නිවැරදි කෝණයෙන් බැලුවොත් පමණී. එකට තබා ඇති සෘජු ඉරි ප්‍රසිද්ධ නායකයෙකුගේ මුහුණ ඉස්මතු කරයි. තවත් එකක කම්බි රාශියක් අලියෙක්ගේ සැකිල්ලකි. තවත් එකක තිත් දහස් ගණනක් නිවැරදි කෝණයෙන් බැලු කල ස්ත්‍රියකගේ ඇසකි. කොටස් චිත්‍ර දෙස බැලීමේ යතුර නම් එහි…

සෑහීමට නොපැමිණේ

සඳ වටා ගිය පළමු අභ්‍යාවකාශ යානයට නායකත්වය දුන්නේ ෆ්‍රෑන්ක් බෝර්මන්ය. ඔහු එයින් තෘප්තියට පත්වූයේ නැත. යන එන ගමනට දින දෙකක් ගතවිය. ෆ්‍රැන්ක්ට සංචලතා රෝගය වැළඳිණි. ඔහුට වමනය ගියේය. තත්පර තිහක පමණ කාලයකට බර නොදැනීම ප්‍රීතියක් බව ඔහු කීවේය. නමුත් ඉන් පසු ඔහු එයට පුරුදු විය. සඳට ළංවූ විට ඔහුට දැණුනේ සඳ නීරස, ආවාට වලින් හිල් වුන දේශයක් ලෙසය. කණ්ඩායම අළුපාට…

ඉබාගාතේ යාම

සත්ව ගොවිපලවල් අසල ජීවත් වූ හාස්‍ය ලේඛක මයිකල් යාකොනෙලි එළදෙනුන් තණ උලා කමින් එහේ මෙහේ යන ආකාරය දෙස බලා සිටියේය. එළදෙන සෑම විටම වැඩි කොළපාට තණ සොයා ගෙන යන්නීය. ගොවිපොළ අවසානයට පැමිණී විට සෙවන දෙන ගසක් යට නැවුම් තණකොළ ඇති බව එළදෙන දුටුවාය. කැඩී ඇති වැටට එහා රසවත් තෘණ පඳුරක් දකින්නීය. එවිට එළදෙන වැට තල්ලු කර ගෙන වැටෙන් එහා පාරට…

පොරොන්දු රකින්නා

ලාෂොන්ට දෙන්නාවූ පොරොන්දුවල ගැඹුර ග්‍රහණය වීමෙන් විවාහ පොරොන්දු කියවන විට ජොනතන් වෙව්ලීය. “මේවා පවත්වන්න නොහැකි යයි විශ්වාස කරමින් මෙම පොරොන්දු දෙන්නේ කෙසේද?” කියා ඔහු සිතුවේය. කෙසේ හෝ උත්සවය නිමවන තෙක් ඔහු සිටියත් එම කැපවීම්වල බර එසේම පැවතුණි. උත්සවයෙන් පසු ජොනතන් තම භාර්යයාව රැගෙන තම යාච්ඤා කුටියට ගියේය. පැය දෙකකට වැඩි කාලයක් යාච්ඤා කරමින් ලාෂොන්ව බලා ගැනීමටත් ආදරය කිරීමටත් ඔහු දෙවියන්වහන්සේගෙන්…