ජල මැදින්
“ද ෆ්‍රී ස්ටේට් ඔෆ් ජෝන්ස්” යන චිත්‍රපටියෙන් අපට කියන්නේ ඇමෙරිකාවේ සිවිල් යුද්ධය කාලයේ නිව්ටන් නයිට්වරයා හමුදාව අතහැර ගිය කණ්ඩායමක් සහ වහල්ලුන් සමහරක් සමග යුනියන් හමුදාවට ආධාර කර යුද්ධයෙන් පසුව වහල් හිමියන්ට විරුද්ධ වුන බවයි. බොහෝ අය නයිට්වරයා වීරයෙක් ලෙස සැළකූ නමුත් ඔහු හමුදාව අතහැර ගිය පසු වහලුන් දෙදෙනෙක් විසින් පළමුව ඔහුගේ ජීවිතය බේරාගන්නා ලදී. හුදෙකලා වගුරුබිමකට ඔහුව ඔසවාගෙන් ගොස් හමුදාවෙන්…
අපගේ පියාණන් ගීතිකා කරයි
ඩැන්ඩි මිනිසුන්ට ගායනා කරමින් ඔවුන් දිරිමත් කරන්නට කැමතිය. එක් දිනක් ඔහුගේ ප්‍රියතම අවන්හලේ අපි දිවා ආහාරය ගනිමින් සිටින විට එහි සේවිකාවට එදා එතරම් යහපත් දවසක් නොවූ බව ඔහුට තේරුම් ගියේය. ඔහු ඇයගෙන් ප්‍රශ්න කීපයක් අසා පසුව ඇයව දිරිමත් කරන්නට ආකර්ෂණීය වේග රිද්ම ගීතයක් හෙමිහිට ගායනා කරන්න පටන්ගත්තේය. අපගේ ආහාර ඇණවුම ලියාගන්නා අතර ඇය සිනාමුසු මුහුණින් “කරුණාවන්ත මහත්මයාණෙනි, ඔබ මගේ දවස…
අභියෝග දෙසට දිව යන්න
ඔහුගේ දුප්පත් මිතුරාගේ බයිසිකලය සොරකම් කළ තරුණයන් පසුපස ටොම් එළෙව්වේය. ඔහුට සැළැස්මක් තිබුණේ නැත. එය කෙසේ හෝ නැවත ලබා ගත යුතු බව පමණක් ඔහු සිතාගත්තේය. පුදුමයකි! බයිසිකලය ගත් සොරුන් තිදෙනා ආපසු හැරී ඔහු දුටු විගස එය බිම දමා පලා ගියහ. බයිසිකලය ඔසවාගෙන ටොම් ආපසු හැරුණේ සහනයකින් සහ තමන් ගැන ආඩම්බරයකිනි. එවිට තමයි පිටුපසින් පැමිණි ඔහුගේ මාංශපේශී වර්ධනය කරගත් මිතුරා වූ…
දිව්‍යමය පෙළගැස්ම
මම බොහෝ සෙයින් කරදර වී, එහා මෙහා ඇවිදිමින් යාච්ඤා කරන පිණිස රාත්‍රියේ ඇහැරුණෙමි. ඇත්තෙන්ම මගේ ආකල්පය දෙවියන්වහන්සේට සම්පූර්ණයෙන්ම යටත්වීමක් වුනේ නැත. එය ප්‍රශ්න කිරීමක් සහ කෝපයෙන් යුක්ත එකක් විය. එයින් මිදෙන්නට නොහැකිව මම වාඩිවී විශාල ජනේලයෙන් රාත්‍රි අහස දෙස බලා සිටියෙමි. බලාපොරොත්තු නැතිවම මගේ අවධානය දඩයක්කාරයා තරු රටාවේ පටිය - පැහැදිලි රාත්‍රියක බොහෝ විට දිස්වෙන පරිපූර්ණ ලෙස සකසා ඇති තාරකා…
දුක්ඛිතම පාත්තයා
රථ ගාලේ පාපන්දුවක් තිබෙන්නේ ඇයි? මම හිතුවෙමි. නමුත් මම ලංවෙද්දි මට තේරුම් ගියේ ඒ අළු පාටට හුරු ගුලිය පාපන්දුවක් නොවන බවයි: එය පාත්තයෙක් - මම දැකලා තිබුන දුක්ඛිතම කැනඩා පාත්තයා.
වසන්ත සමයේ මගේ රැකියා ස්ථානය අසල ඇති තණබිමේ පාත්තයන් සමුහ වශයෙන් එක්රැස් වෙති. නමුත් අද හිටියේ එක්කෙනෙක් පමණයි. ඌ උගේ බෙල්ල පිටුපසට ඇද හිස තටුවක් තුළට ඔබාගෙන සිටියේය. කොහේද ඔබෙ…
සැපයීමේ ලෝකයක්
මුහුදු පිපිඤ්ඤා ධීවරියක් වන නාඩියා, ඇගේ ගම වන මැඩගස්කරයට ආසන්න නොගැඹුරු මුහුදේ ලනු ඇද වෙන් කරන ලද මුහුදු ගොවිපලට අස්වැන්න නෙලීම සඳහා ඇතුල් වන විට පාන්දර 2 ට පමණ ඇති. ඒ හිමිදිරි පාන්දර වේලාව ඇයට බාධාවක් වන්නේ නැත. ඇය පවසන්නේ “මම මෙම මත්ස්‍ය කර්මාන්තය පටන් ගන්නට පෙර ජීවිතය ඉතාම දුෂ්කරයි. මට කිසිම ආදායම් මාර්ගයක් තිබුණේ නැහැ.” වෙලොන්ඩිරයැක් (එනම් මුහුද සමඟ…
නැවතත් මිතුරෝ
එක් දිනක් මවක් සහ ඇගේ කුඩා දියණිය දේවස්ථානයේ වාඩිවී සිටියාය. දේවමෙහෙය අතරතුර, ප්‍රසිද්ධියේ දෙවියන්වහන්සේගේ සමාව ලබාගැනීමට සෙනඟට අවස්ථාව ලබා දෙන ලදී. එසේ කිරීමට යම් කෙනෙක් ඉදිරියට යන සෑම විටකම මෙම කුඩා දරුවා අත්පොළසන් දුන්නාය. “මට සමාවන්න” කියා පසුව එම මව සභා නායකයාට කියා සිටියාය. “පසුතැවිල්ල හේතුවෙන් අපි නැවත දෙවියන්වහන්සේ සමඟ මිතුරු වෙනවා කියා මම මගේ දුවට පැහැදිලි කරලා දුන්නා. ඒ…
ගායනා විප්ලවය
කැරැල්ලක් මතු කිරීමට අවශ්‍ය කුමක්ද? තුවක්කුද? බෝම්බද? ගරිල්ලා සටන්ද? 1980 අවසන් භාගයේ එස්තෝනියාවට අවශ්‍ය වූයේ ගායනයය. දශක ගණනාවක් සෝවියට් ආක්‍රමණයේ “බර” යටතේ සෙනග ජීවත් වූ පසු දේශප්‍රේමී ගීත ගායනා කරන කණ්ඩායමක් බිහි විය. එය ගායනා විප්ලවය නමින් ප්‍රචලිත විය. 1991 එස්තෝනියානු නිදහස ලැබීමට එය ප්‍රධාන භූමිකාවක් ක්‍රියාත්මක කළේය.
මෙය අහිංසාවාදී විප්ලවයක් විය. නමුත් ඉතා කුරිරු පාලනයක් පෙරළා දැමීමට එයට හැකි…
අනාවැකි කරුගේ වරද
1938 සැප්තැම්බර් 21 වන දින තරුණ කාලගුණ විද්‍යාඥයෙක් එක්සත් ජනපද කාලගුණ දෙපාර්තමේන්තුවට අනතුරු ඇඟෙව්වේ නිව් ඉන්ග්ලන්ඩ් ප්‍රදේශයට සුළි කුණාටුවක් පහර දෙනු ඇති බවය. නුමුත් කාලගුණ ප්‍රධානියා, චාර්ල්ස් පියර්ස්ගේ අනාවැකිය හෙළා දැක්කේය. එතරම් උතුරට දකුණු දිග සුළි කුණාටුවක් නොවදින බව ඔහු කීවේය.
පැය දෙකකට පසු නිව් ඉන්ග්ලන්ඩ් හී ලෝං අයිලන්ඩ් වෙත සවස 4 ට සුළිකුණාටුව වැදුණි. නැව් ගොඩ බිමට විසි විය.…
සැළකීම ලැබී
ඩෙබී නිවාස පවිත්‍රකරන සමාගමක අයිතිකාරියක් වූවාය. තම ව්‍යාපාරය දියුණු කර ගැනිම පිණිස ඇය සෑම විටම තව තව සේවාදායකයින් සෙව්වාය. ඇයගේ එක් දුරකථන ඇමතුමකදී එක් ස්ත්‍රීයක් කීවේ “මට දැන් එවැනි වියදමක් දරා ගැනීමට හැකියාවක් නැහැ. මම පිළිකාව සඳහා ප්‍රතිකාර ගන්නවා” යනුවෙනි. එතැනදී ඩෙබී තීරණය කළේ “කිසිම පිළිකා රෝගියෙකුව මින්පසු ප්‍රතික්‍ෂේප කරනු නොලැබේ. ඔවුන්ට නොමිළේම නිවාස පවිත්‍ර කිරීමේ සේවයක් ලබා දෙන්නෙමි” කියාය.…