ප්‍රවර්ගය  |  Uncategorized

දෙවන මට්ටමේ නොවේ

පළමු ලෝක මහා යුද්ධයෙන් පසු එක්සත් ජනපද ජනාධිපති වුඞ්රෝ විල්සන් ලෝකයේ බලවත්ම නායකයෙකු ලෙස සැළකුණි. 1919 දී ඔහු භයානක ලෙස අංශබාගයෙන් පෙළුණු විට ඔහුගේ වැඩ කටයුතු සියල්ලම කර ගෙන ගියේ ඔහුගේ භාර්්‍යයාව බව දැන සිටියේ කිහිප දෙනෙක් පමණී. ඔහුගේ ආවධානයට ගෙන ආ යුත්තේ කුමණ කාරණාදැයි ඇය තීරණය කළාය. ඇත්තෙන්ම නූතන ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ ටික කාලයක් එක්සත් ජනපද ජනාධිපතිණිය ලෙස ඔහුගේ…

වානේ සහ විල්ලුද

කවියෙකු වූ කාර්ල් සෑන්ඞ්බර්ග් හිටපු එක්සත් ජනපද ජනාධිපති ඒබ්‍රහැම් ලින්කන් ගැන ලීවේ “මනුෂ්‍ය ඉතිහාසයේ වානේ සහ විල්ලුද මිනිසෙකු ලොව පහළ වන්නේ ඉඳහිටය... ඒ මනුෂ්‍යයාගේ හද තුළ දැඩි කුණාටුවක බලයක්ද කිව නොහැකි පූර්ණ සාමයක්ද විය” කියාය. ඔහුගේ තානාන්තරයේ බලය නිදහස ආශා කරන තනි පුද්ගලයන් ගැන සැළකීමට සමතුලිත කළ ආකාරය මෙම වානේ සහ විල්ලුද ගතිය විස්තර කරයි.

මුළු ඉතිහාසයේ ශක්තිය, මෘදුකම, බලය…

අප ප්‍රශංසා කරන විට

2014 දී ගේ ඉදිරිපස සිටි නව හැවිරිදි විලීව සොරු පැහැරගත් විට ඔහු තමා ඉතා ප්‍රිය කරන “සැම ප්‍රශංසා” කියන කෙටි ගීතිකාව නැවත නැවත ගායනා කළේය. පැය තුනක එම දරුණු කාලය තුළ පාහැර ගත් අය වාහනයේ එහේ මෙහේ යමින් “කට වහන්න” යැයි ඔහුට කළ තරවටුව විලී ගණන් ගත්තේ නැත. අවසානයේ ඔවුහු විලීව කිසිම අනතුරක් නොකර රථයෙන් පිටතට දැමුවෝය. විලී එම සිද්ධිය…

සත්‍යය : තිත්තද, මිහිරිද

වසරකට අඩු කාලයක් පුරා මගේ නාසයේ තිබූ ලපය නිසා මම වෛද්‍යවරයෙක් හමුවීමට ගියෙමි. බයොප්සි පරීක්‍ෂණයේ ප්‍රතිඵල ආවේ මා අසන්න කැමති ආකාරයට නොවේ. චර්ම පිළිකාවක්. පිළිකාව ඉවත් කිරීමට පුළුවන් වුවද ජීවිත තර්ජනයක් නොවූවද එය ගිළීමට තිත්ත බෙහෙතක් විය.

දෙවියන්වහන්සේ එසෙකියෙල්ට තිත්ත පෙත්තක් ගිල දැමීමට කී සේක. ඒ විලාප සහ දුක මුසුවූ පොතකි (එසෙකියෙල් 2:10; 3:1-2). ඔහුගේ බඩ ඉන් පුරවා ගත යුතු…

නිශ්චල දිවියක් සොයා ගැනීම

“ඔයා ලොකු උනාම මොනවද කරන්නේ?”. දරුවන් ලෙසද සමහර විට වැඩිහිටියන් ලෙසද අප එම ප්‍රශ්නය අසා ඇත්තෙමු. එම ප්‍රශ්නය නැගෙන්නේ කුතුහලය නිසාය. පිළිතුර බොහෝ විට අරමුණ ප්‍රකාශ කිරීමක් ලෙස ඇඟවෙයි. මගේ පිළිතුර වසර ගණනාවක් වෙනස් වෙමින් පැවතුණි. එය ආරම්භ වූයේ බැටළුවන් බලා ගන්නා අයෙක්, ලොරි රියැදුරෙක්, සොල්දාදුවෙක් යන ලෙසටය. ඉන්පසු මම විදුහලට ඇතුල් වූයේ වෛද්‍යවරයෙක් වීමට ඉගෙන ගැනීමටය. නමුත් “නිශ්චල ජීවිතයක්”…

පිදුරු මඩු යාච්ඤා

සැමුවෙල් මිල්ස් සහ ඔහුගේ මිතුරන් සතර දෙනෙක් බොහෝ විට යාච්ඤාවට එකතු වී යේසුස්වහන්සේගේ ශුභාරංචිය බෙදා ගැනීම පිණිස තව සෙනග එවන්න කියා යාච්ඤා කළහ. 1806 එක් දිනකදී ඔව්හු තම යාච්ඤා රැස්වීම අවසන් වී ආපසු එද්දී විදුලි කෙටීම් සහිත තද කුණාටුවකට අසුවූ බැවින් එයින් බේරීමට ඔවුහු පිදුරු මඩුවකට රිංගා ගත්හ. ඒහෙයින් ඔවුන්ගේ සති මැද යාච්ඤා වලට පිදුරු මඩු යාච්ඤා කියා නම් කෙරුණි.…

ගීතයෙන් ශක්තිමත් වී

දෙවන ලෝක යුද්ධ කාලයේදී ප්‍රංශ ගැමියන් යුදෙව් සරණාගතයින්ට නාසී හමුදාවෙන් සැඟවීමට උපකාර කළ කාලයේ ඔව්හු තම නගරයේ කැලෑවල සිට ගීත ගායනා කළෝය. ඒ යුදෙව්වන්ට සැඟවූ ස්ථානවලින් පිටතට ඒමට ආරක්‍ෂාව ඇතැයි අඟවන පිණිසය. “ලේ කැම්බොන් සූර් ලිග්නොන්” යන නගරයේ සිටි නිර්භීත සෙනග සභාපාලක ඇන්ඩ්‍රේ ට්‍රොක්මේ සහ ඔහුගේ භාර්්‍යයාව වු මැක්ඩාගේ ආරාධනාවට කීකරු වුහ. ඔව්හු ලා මොන්ටාග්නේ ප්‍රොටෙස්ටන්ටේ යන තැනිතලාවේ යුද කාලයේ…

බලා සිටීම වටී

ටෝකියෝවේ ෂිබුආ දුම්රියපොළ ඉදිරිපිට හචිකෝ නැමැති බල්ලා සැමරීම පිණිස උගේ පිළිරුවක් සාදා ඇත. හචිකෝව සිහි කෙරෙන්නේ විශ්ව විද්‍යාල මහාචාර්්‍යවරයෙකු වූ තම ස්වාමියාට ඌ දැක්වූ අසාමාන්‍ය විශ්වාසවන්තකම නිසාය. මහාචාර්්‍යවරයා දිනපතා දුම්රියෙන් ගමන් කළේය. බල්ලා උදෑසන ඔහු සමග දුම්රිය පළට යයි. සවස නැවත මහාචාර්්‍යවරයා එන වෙලාවට එයි.

එක් දිනක් මහාචාර්්‍යවරයා පැමිණියේ නැත. ඔහු විශ්ව විද්‍යාලයේදී මිය ගොස් තිබුණි. නමුත් බල්ලා ඔහුගේ ජීවිත…

ඔබගේ නම සඳහන් කරන්න

“දෙවියන්වහන්සේගේ ප්‍රේම ලිපි” යන පොතෙහි ග්ලෙනිස් නෙලිස්ට් විසින් ස්වාමින්වහන්සේ සමග පුද්ගලික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට දරුවන්ට ආරාධනා කරයි. මේ ළමා කථා වල සෑම බයිබල් කථාන්දරයකින් පසු දරුවාගේ නම ලිවීමට ඉඩ තබා තිබේ. බයිබලීය සත්‍යයන් පුද්ගලික භාවයෙන් ඉදිරිපත්කර ඇති නිසා බයිබලය කථා පොතක් පමණක් නොවන බව දරුවන්ට වැටහේ. ස්වාමින්වහන්සේ ඔවුන් සමග සම්බන්ධතාවයක් පවත්වන බවත් උන්වහන්සේ දරුවන්ට මහත් ලෙස ප්‍රේම කර ඔවුන්ට…

ප්‍රධාන නළුවා

ප්‍රසිද්ධ සෙමනේරියක සිසුවෙකු දේශනා ශිල්ප පංතියකදී දේශනාවක් කළ බව මම අසුවෙමි. තරුණ සිසුවා අහංකාර අයෙකු විය. ඔහු තම දේශනය කථිකත්වයෙන් හා හැඟීම්වලින් යුතුව කළේය. ඔහු අවසන් කළේ තමා පිළිබඳ තෘප්තියක් සහිතවය. කථිකාචාර්යවරයා ඔහුට ප්‍රතිචාර දැක්වීමට පෙර මොහොතක් නිශ්චලව සිටියේය.
“එය බලවත්. හොඳින් සුදානම් කර තිබුණා. හොඳින් ගලා ගියා. නමුත් එක ප්‍රශ්නයක් තිබුණා. ඔබගේ එක වක්‍යයකවත් දෙවියන්වහන්සේ මාතෘකාව වී තිබුණේ නැහැ”.…