ප්‍රවර්ගය  |  Uncategorized

අප සමීපයේම

ඇය උඩ රාක්කය දෙසට ඇස් යොමු කර ගෙන සිටියාය. ස්පැගටි සෝස් පිරවු බෝතල් වලින් එය පිරී තිබුණි. මමද ඇය අසල එම රාක්කය දෙස විනාඩියක් හෝ දෙකක් බලා සිටියෙමි. තීරණයක් ගැනීමට කල් ගත්තෙමි. නමුත් ඇයට මා සිටිනවා යයි කිසි හැඟීමක් නොතිබුණි. ඇය තම සිතුවිලි අතර අතරමංව සිටියාය. මට උස රාක්ක ගැන ගැටළුවක් නැත. ඊට හේතුව මම උස කෙනෙක් නිසාය. නමුත් අනිත්…

වේදනාවේ පරමාර්ථය

සියු ෆෙන් තමාට වකුගඩු අකර්මණ්‍යතාවයක් ඇතිවෙන බවත් ඉතිරි ජීවිතය පුරාවට විටින් විට රුධිරය මාරුකිරීම් අවශ්‍ය බවත් දැන ගත් විට දැන් ජීවත් වුනා ඇති යයි ඇයට සිතුණි. විශ‍්‍රාමික වූ අවිවාහකවූ දීර්ඝ කාලක් යේසුස් වහන්සේ විශ්වාස කරමින් සිටි ඇයට ජීවිතය දිග්ගැස්සීමට අවශ්‍ය නැතැයි සිතුණි. නමුත් මිතුරෝ ඇයට කීවේ අල්ලා ගෙන සිටින මෙන්ය. ප‍්‍රතිකර්මවලට ගොස් දෙවියන්වහන්සේ විශ්වාස කිරීමටය.

වසර දෙකකට පසු ඇයගේ අත්දැකීම්…

වස්තුව සෙවීම

"වැළලූ වස්තුව". එය දරුවන්ගේ කථාන්දරයක් වැනිය. නමුත් විකෘති කෝටිපති ෆොරස්ට් ෆෙන් ඩොලර් මිලියන දෙකක් වටිනා රන් බඩු පෙට්ටියක් රොකී කඳුකරයේ වළලා ඇති බවට කථාවක් ඇත. බොහෝ අය එය සොයා ගොස් ඇත. තවද සැඟවුනු වස්තුව සොයා ගොස් සිව් දෙනෙකු මිය ගොස්ද ඇත.

හිතෝපදේශ කර්තෘ නැවතී සිතීමට දෙයක් ඉතිරිකර තිබේ. එවැනි සෙවීමක් කිරීමට වටිනා වෙන යමක් තිබේද? හිතෝපදේශ 4 හි යහපත් ජීවිතය…

සංසන්දනයක් නැත

"ළඟදීම මම මේ සියල්ලම මුහුණු පොතේ දානවා. හොඳ ඒවා විතරක් නොවේ".

මාගේ මිතුරිය වන සූ දිවා ආහාරය වේලාවේ ඇගේ ස්වාමිපුරුෂයාට කී කථාව මගේ මුවට විශාල සිනහවක් ගෙනාවේය. එසේම එය මට සිතන්නටද සැළැස්වීය. සමාජ මාධ්‍යය හොඳ දෙයක් විය හැකිය. වසර ගණනාවක් සැතපුම් ගණනාවක් ඈත සිටින මිතුරන් සමග සංනිවේදනයට සහ යාච්ඤාවට එය උපකාරී වේ. නමුත් අප ප‍්‍රවේසම් නොවුනොත් එය ජීවිතයට අතාත්වික තත්ත්වයක් ගෙන එන්නේය. එහි පළවෙන…

ශ්‍රේෂ්ඨ ආරංචිය

දේශීය ප‍්‍රවෘත්තිි පත‍්‍රයේ පළවී තිබු ප‍්‍රවෘත්තිය කෙටිය. නමුත් සිත් උණුසුම් කරන්නේය. පවුල් ශක්තිමත් කිරීම පිළිබඳ ඇදහිල්ල පදනම් කර ගත් වැඩ සටහනකට සහභාගී වූ පසු සිරකරුවන් කණ්ඩායමකට තම පවුල් සමග විවෘත කාලයක් ගත කිරීමට අවස්ථාව ලැබුණි. සමහරු වසර ගණනාවක් තම දරුවන් දැක සිටියේ නැත. වීදුරු ජනෙල් තුළින් කථා කරනවා වෙනුවට එදින ඔවුනට තම ප‍්‍රියයන් ස්පර්ශ කිරීමටද වැළඳ ගැනීමටද අවස්ථාව ලැබුණි. පවුල්…

ළදරුවන්ගේ මුඛවලින්

දස හැවිරිදි වයලා අතු කැබැල්ලක් භාවිතා කර දේශකයෙකු ලෙස රඟපානවා දුටු මිෂෙල් ගමේ ශුභාරංචි මෙහෙයකදී වයලාට අවස්ථාවක් දුන්නාය. වයලා එය පිළිගත්තාය. දකුණු සුඩානයේ මිෂනාරිවරියක වන මිෂෙල් ලීවේ සෙනග උද්දාමයට පත්වූ බවයි. අත් හරින ලද කුඩා දැරියක් රජුන්ගේ රජුගේ දියණියක් ලෙස ඔවුන් ඉදිරියෙහි අධීකාරිත්වයෙන් යුක්තව ක‍්‍රියා කළාය. සෙනගගෙන් අර්ධයක් ඉදිරියට පැමිණ යේසුස්වහන්සේ පිළිගත්තෝය.

සෙනග එදින දැරියකගේ දේශනාවක් බලාපොරොත්තු නොවීය. මෙම සිද්ධිය…

නරක ආරංචි ගැන ක‍්‍රියාත්මක වීම

නිව්යෝර්ක් නගරයට මෑතකදී අපි ගිය සංචාරයකදී හිම වැටෙන සන්ධ්‍යාවක අපගේ හෝටලයේ සිට කියුබානු ආපන ශාලාවකට කෑමට යාමට අපට අවශය විය. අපි වාහනයක් කුලියට ගතිමු. සියලූ විස්තර මීටරයට ඇතුල් කළ පසු එම කෙටි ගමනට ඩොලර් 1500 කට වඩා වැඩි බිලක් වැටුණිු. ඇතිවූ කම්පනය ඉවත්වූ විට මට වැටහී ගියේ මා වැරදීමෙන් අපගේ නිවසට යා යුතු දුර ඇතුලත් කර ඇති බවය. ඒ සැතපුම් සිය…

ෆිකාහි ඇති සහභාගිත්වය

අප නිවස අසළ ඇති කෝපි කඩයේ නම ෆිකාය. ෆිකා යනු ස්වීඩන් භාෂාවේ වචනයකි. එහි අර්ථය කෝපි බොමින් යමක් අනුභව කර නිදහසේ ඉන්න යන්නයි. සෑම විටම ඒ පවුලේ අය හවුල් සේවකයන් සහ මිතුරන් සමගය. මම ස්වීඩන් ජාතිකයෙක් නොවෙමි. නමුත් යේසුස්වහන්සේ ගැන මා ආශා කරන දෙයක් ෆිකා යන වචනයෙන් විස්තර කෙරේ. ඒ අන් අය සමග නිවාඩු ගෙන කෑම අනුභව කරමින් නිදහසේ සිටීමය.…

විශාල විශ්මයක්

මාගේ ජීවිතය නාර්ය බහුලය. වෙහෙසකරය. මම එක් වැඩකින් තව වැඩකට දුවමි. නිවසට පැමිණෙන ගමන් දුරකථන ඇමතුම් දෙමින් මාගේ දීර්ඝ ලැයිස්තුවේ කළ යුතු දේවල් එකිනෙක බලන්නෙමි. එක් ඉරිදාවක අධික වෙහෙසින් අපගේ ගෙය පිටුපස ඉඩමේ තිබෙන පැද්දෙන බංකුව මත මම ඇද වැටුණෙමි. මාගේ දුරකථනය නිවස තුළය. මාගේ ස්වාමිපුරුෂයා සහ දරුවෝද නිවස තුළය. මුලදී මා විනාඩි දෙක තුනක් එසේ සිටීමට සැළසුම් කළෙමි. නමුත්…

දෙවියන්වහන්සේගේ කථාන්තරය තුළ ජීවත් වීම.

වචන හයකින් බලපෑමක් කළ හැකි කථාවක් ලිවිය හැකිදැයි අර්නස්ට් හෙමිංවේ ගෙන් අනසු ලැබීය. ඔහුගේ ප‍්‍රතිචාරය වූයේ "භාවිතා නොකළ ළදරු සපත්තු විකිණිමට ඇත" කියාය. හෙමිංවේගේ කථාව බලවත්ය. ඊට හේතුව හිස්තැන් පිරවීම අප සතු නිසාය. ඒ සෞඛ්‍යමත් දරුවෙක්ට අවශ්‍ය නොවූ පාවහන්ද නැතිනම් යම් ඛේදවාචකයක් සිදුවීද? නැතිනම් දෙවියන්වහන්සේගේ දැඩි පේ‍්‍රමය සහ සහනය අවශ්‍ය වන්නක්ද?

හොඳ කථා අපගේ කල්පනාවට බලපෑම් කරන්නේය. කියන ලද ශ්‍රේෂ්ඨතම…