ප්‍රවර්ගය  |  Uncategorized

ඔබ වෙහෙසවී සිටින විට

දවසේ වැඩ කටයුතු අවසන් වූ විට ඇතිවන නිසලතාවයේ මම වාඩිවී සිටියෙමි. මගේ කුඩා පරිඝණකය (ලැප්ටොප්) මා ඉදිරියෙහි විය. මා එදින අවසන් කළ වැඩය ගැන ප්‍රමෝදයට පත් විය යුතුව තිබුණත් එසේ නොවුනි. මම වෙහෙසව සිටියෙමි. වැඩ වල කරදරයක් ගැන තිබූ කණස්සල්ලක් නිසා මගේ උරහිස් රිදුණු අතර මගේ මනස කරදරකාරී සම්බන්ධයක් ගැන කල්පනා කර වෙහෙසට පත්ව තිබුණි. ඒ සියල්ලෙන්ම පලා යාමට මට…

සෑම දෙයක්ම නැතිවීම

කාලය ඊට වඩා අයහපත් නොවිය හැකිය. පාලම්, ස්මාරක සහ විශාල ගොඩනැගිලි සාදා කුඩා වස්තුවක් එකතු කර ගත් පසු සීසර් අලුත් ව්‍යාපාරයකට අත ගැසීමට බලාපොරොත්තු තබා ගෙන සිටියේය. ඒ හෙයින් ඔහු තම පළමු ව්‍යාපාරය විකුණා බැංකුවේ මුදල් තැන්පත් කළේ එය ඉක්මණින්ම ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙනි. ඒ සුළු කාලය අතරතුරදී ඔහුගේ රජය පුද්ගලික බැංකු ගිණුම් වල තිබූ සියලු ගිණුම් රාජ සන්තක කළේය. ක්‍ෂණයකින්…

බලාපොරොත්තු සුන්වීම සමග ක්‍රියාකිරීම

වසරක් පුරා මුදල් එකතු කර “ජීවිතයටම ලැබෙන විනෝද ගමනක්” යාම සඳහා ඔක්ලහෝමා උසස් පාසැලේ සිසුන් ගුවන්තොටුපොළට පැමිණි විටදී ඔවුන්ට දැන ගන්ට ලැබුණේ ඔවුන්ගෙන් බොහෝ අය ගුවන් ප්‍රවේශ පත්‍ර මිළදී ගෙන ඇත්තේ ව්‍යාජ සමාගමකින් බවය. “එය හදවත බිඳ දැමුවා වැනිය” කියා එක් පරිපාලකයෙක් කීවේය. එහෙත් ඔවුන්ගේ සැළසුම් වෙනස් කිරීමට සිදුවූවත් සිසුන් ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න තීරණය කළහ. ප්‍රවේශ පත්‍ර ලබා…

යටහත්ය නමුත් බලාපොරොත්තු සහිතය

සභාව අවසානයේ සභාපාලකගේ ආරාධනය නිසා ලැටි්‍රස් ඉදිරියට ගියාය. ඇයට සෙනගට කතාකරන්න යයි ඇරයුම් කළ විට ඇයගේ බැරෑරුම් සහ මනහර වචනවලට කිසිවෙකුත් සුදානම්ව නොසිටියහ. 2021 දෙසැම්බර් මාසයේදී විනාශකාරී සුළි කුණාටුවක් ඇගේ පවුලේ හත් දෙනෙකුගේ ජීවිත බිලි ගෙන තිබුණි. “මට තවමත් සිනහසිය හැක්කේ දෙවියන්වහන්සේ මා සමග නිසාය” කියා ඇය කීවාය. පරීක්‍ෂාවන්ගෙන් පීඩා විඳ සිටියද තමන්ගේම අභියෝග සමග පොර බදන අයට ඇයගේ සාක්‍ෂිය…

කොතරම් අනර්ඝ මිතුරෙක්ද?

මාගේ දීර්ඝ කාලීන මිතුරා හා මා හමුවී සෑහෙන කාලයකි. ඒ කාලය තුළ ඔහුට පිළිකාවක් ඇති බව හඳුනා ගෙන ප්‍රතිකාර පටන් ගෙන තිබුණි. ඔහුගේ ප්‍රාන්තයට බලාපොරොත්තු රහිතව ගිය ගමනකදී මට ඔහුව නැවත හමුවීමේ අවස්ථාව උදා වුනි. මම ආපනශාලාවට ගියෙමි. අප දෙදෙනාගේ ඇස්වල කඳුළු පිරුණි. අප දෙදෙනා එකම කාමරයේ සිටියේ බොහෝ කාලයකට පසුය. දැන් කොණක මරණය නැවී සිටිමින් අපට ජීවිතයේ කෙටි බව…

විවෘත හදවතකින් යුත් ත්‍යාගශීලිත්වය

“ආත්මාර්ථකාමී, මටම සේවය කර ගත්, මාවම ආරක්‍ෂා කර ගත් ජීවිතයක් මම ගෙවූ නිසා මම සතුටු වෙමි” කියා මිය යන්න පෙර කිසිවෙක් නොකී බව කර්තෘ පාකර් පාර්මර් පැවසුවේ උපාධි අපේක්‍ෂකයන්ට ආරම්භක දේශනයක් කරන විටදීය. උපාධිදාරීන්ගෙන් ඔහු ඉල්ලා සිටියේ “විවෘත හදවතකින් ත්‍යාගශිලීත්වය ලොවට බෙදා දෙන්න” කියාය.

පාකර් තවදුරත් පැවසුවේ එලෙස ජීවත්වීමේදී “ඔබ දන්නා තරම කෙතරම් අඩුද කියාත් අසමත් වීම කෙතරම් පහසුද කියාත්…

සාක්‍ෂිකරුවන්

සාක්‍ෂිකරුවන් යන ඔහුගේ කාව්‍යයේ හෙන්රි වර්ඞ්ස්වර්ත් ලෝංෆෙලෝ (1807-1882) ගිලුණු වහල් නැවක් ගැන විස්තර කරයි. ඔහු “දම්වැල් වලින් බැඳ තිබූ ඇටසැකිලි” ගැන විස්තර කරද්දී වහල්කමේ අසිමිතවූ නිර්නාමික වූ වින්දිතයන් ගැන ලෝංෆෙලෝ වැලපේ. අවසන් පදය පවසන්නේ “මේ වහලුන්ගේ අඳෝනාය/ ඔවුහු පාතාලයේ සිට රවා බලති / ඔවුහු නොදන්නා සොහොන්වල සිට මොරගසති / අපි සාක්‍ෂිකාරයෝ වන්නෙමු” කියාය.

මේ සාක්‍ෂිකරුවන් කථා කරන්නේ කාටද? එවැනි නිසල…

දෙවියන්වහන්සේගේ සදාකාලික සභාව

ඉරිදා රැස්වීම අවසන් වන විටම වාගේ තරුණ මවක් ඇගේ දරුවන් දෙදෙනාද සමග පැමිණ “රැස්වීම අවසන්ද” කියා ඇසුවාය. නමුත් පිළිගන්නෙකු පැවසුවේ අසල සභාවක රැස්වීම් දෙකක් පැවැත්වෙන බවත් දෙවෙනි එක තව මොහොතකින් ආරම්භ විය හැකි බවත්ය. ඔබ වාහනයකින් යන්න කැමතිද? තරුණ මව ඔව් යයි පැවසුවාය. අනෙක් සභාවට ඇති කෙටි දුර වාහනයකින් යාමට ඇය කැමැත්ත පළ කළාය. ඒ ගැන නැවතත් ආවර්ජනය කළ පිළිගැනීමේ…

දිරිමත් කිරීමේ දීමනාව

“ඔබේ මීමැස්සෝ පියාඹති” කියා මගේ භාර්යාව දොරින් හිස දමා කීවේ මීමැසි පාලකයෙක් ඇසීමට කැමති නැති ප්‍රවෘත්තියකි. මා පිටතට දිව ගිය විට දුටුවේ දහස් ගණන් මීමැස්සෝ නැවත නොඑන පිණිස උස පයින් ගසක් වෙත පියාඹා යන ආකාරයයි.

මීමැස්සන් ඉවත් වන කාලයන් ගැන දැක්වෙන ඉඟි පිළිබඳව කියවීම මම ප්‍රමාද කර තිබුණි. ඒ සතියක් පමණ තිබූ කුණාටු මගේ නිරීක්‍ෂණයන්ට බාධා කළ හෙයිනි. කුණාටු අවසන්…

විවෘත අවකාශයන් සොයා ගැනීම

ආචාර්ය රිචඞ් ස්වෙන්සන් ඔහුගේ පොත වන “මාර්ජින්” හී ලියා ඇත්තේ මෙසේය : “අපට හුස්ම ගැනීමට යම් ඉඩක් තිබිය යුතුය. අපට සිතීමට නිදහසක්ද සුව වීමට අවසරද තිබිය යුතුය. අපගේ සම්බන්ධතා ප්‍රවේගය නිසා සාගින්නට පත්ව තිබේ. අපගේ අතිප්‍රවේගශීලී යහපත් අරමුණු වලින් යටවී තුවාල වී අපගේ දරුවන් පොළොවේ වැතිර සිටිති. දෙවියන්වහන්සේ දැන් අධිවේගයට පක්‍ෂද? උන්වහන්සේ තවදුරටත් සෙනගව නිසල දිය අසළින් ගෙන යන්නේ නැද්ද?…