ප්‍රවර්ගය  |  Uncategorized

කෝපි සුවඳැති හුස්ම

අවුරුදු ගණනාවකට කලින් දිනක උදෑසන, මම මගේ පුටුවේ වාඩිවී සිටිය අවස්ථාවකදී මගේ බාල දියණිය පහළ තට්ටුවට පැමිණියාය. ඇය කෙලින්ම මා වෙතට පැමිණ මගේ ඔඩොක්කුවට නැග ගත්තාය. මා ඇයව පියෙකු මෙන් වැළඳගෙන හිස මත මෘදු හාදුවක් දුන් අතර ඇය සතුටින් කෑගැසුවාය. නමුත් පසුව ඇය ඇගේ නළල රැලි කර, නාසය හකුළා, මගේ කෝපි කෝප්පය දෙසට චෝදනාත්මක බැල්මක් හෙළුවාය. ”තාත්තේ” කියා ඇය ගරුගාම්භීරව…

ඇවිලෙන ගින්නක් මෙන් වූ ප්‍රේමය

කවියෙක්, චිත්‍ර ශිල්පියෙක් සහ මුද්‍රණකරුවෙක් වන විලියම් බ්ලේක් ඔහුගේ බිරිඳ කැතරින් සමඟ අවුරුදු හතළිස් පහක විවාහයක් භුක්ති වින්දේය. ඔවුන්ගේ විවාහ දිනයේ සිට 1827 දී ඔහු මිය යන තුරුම ඔවුන් දෙදෙනා එකට වැඩ කළහ. කැතරින් විලියම්ගේ සිතුවම්වලට වර්ණ එකතු කළ අතර වසර ගණනාවක් දිළිඳුකම සහ වෙනත් අභියෝගවලට මුහුණ දෙමින් සිටියත් ඔවුන් අතර තිබු අති මහත් ආදරය නොසැලී තිබුණි. ඔහුගේ සෞඛ්‍යය පිරිහුණු…

නමුත් මම ඔබට කියමි

“ඔවුන් කියන දේ මම දන්නවා. ඒ වුනත් මම ඔයාට කියන්නේ..” යනුවෙන් නව යොවුන් වියේදී මගේ මව දහස් වාරයක් මට කියා තිබේ. එයට හේතුවූයේ සැමවිටම සම වයසේ මිතුරන් අතරේ තිබෙන පීඩනය ගැන විය. රංචුව පසුපස නොයන ලෙස මට ඉගැන්වීමට ඇය උත්සාහ කළාය. මම තවදුරටත් යොවුන් වියේ නොවුනත්, රංචු මානසිකත්වය තවමත් මා තුළ ක්‍රියාශීලීව තිබේ. වර්තමාන උදාහරණයකි මෙම කියමන: “ධනාත්මක පුද්ගලයින් සමඟ…

හදවතේ ගැටලුව

“සහෝදර ටිම්, ඔබට පෙනෙනවාද?” ඝානාවේ දේවගැතිවරයෙකු ලෙස සේවය කළ, මගේ මිතුරා, කටුමැටි පැල්පතකට හේත්තු කර තබා තිබු කැටයම් වස්තුවක් මත ඔහුගේ විදුලි පන්දමේ එළිය දැල්වීය. ඔහු මට රහසින් පැවසුවේ “ඒ තමයි ගමේ පිළිමය” කියාය. සෑම අඟහරුවාදා සැන්දෑවකම දේවගැති සෑම් මෙම ඈත ගම්මානයේ දේව වචනය බෙදාගැනීම සඳහා ලඳු කැලෑවට ගියේය.

එසකියෙල් පොතේ, රූප වන්දනාව, යූදාහි ජනයා පීඩාවට පත් කළ ආකාරය අපට…

කිසිදා ප්‍රමාද නැත

කුඩා බටහිර අප්‍රිකානු නගරයකට ආගන්තුකයෙකු ලෙස, මගේ ඇමරිකානු දේවගැතිතුමා ඉරිදා උදෑසන 10 ට නියමිත වූ දේව මෙහෙය සඳහා නියමිත වේලාවට පැමිණීමට වග බලා ගත්තේය. කෙසේ වෙතත්, අඩුපාඩු සහිත කුඩා ගොඩනැගිල්ල හිස් බව ඔහු දුටුවේය. එබැවින් ඔහු බලා සිටියේය. පැයක්. පැය දෙකක්. අවසානයේදී දහවල් 12.30 ට පමණ, ප්‍රදේශයේ දේවගැතිතුමා දීර්ඝ පා ගමනකින් පසු එහි පැමිණි විට, ගායනා කණ්ඩායමේ සාමාජිකයින් සුළු පිරිසක්…

පිරී සිටින්න

ආචාර්ය මාර්ටින් ලූතර් කිං ගේ බිහිසුණු ඝාතනය සිදු වූයේ 1960 ගණන්වල ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ උච්චතම අවස්ථාවේදීය. නමුත් දින හතරකට පසුව, ඔහුගේ වැන්දඹුව වන කොරේටා ස්කොට් කිං සාමකාමී විරෝධතා පාගමනක් මෙහෙයවීම සඳහා නිර්භීතව තම සැමියාගේ ස්ථානය ගත්තාය. කොරේටාට යුක්තිය සඳහා ගැඹුරු ආශාවක් තිබූ අතර බොහෝ කාරණා සඳහා දරුණු ශූරියක්ද වූවාය.

යේසුස්වහන්සේ පැවසුවේ, “ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු තෘප්තියට පැමිණෙන්නෝය”…

විලාපයෙන් ප්‍රශංසාවට

මොනිකා තම පුතා නැවත දෙවියන්වහන්සේ වෙත පැමිණෙන ලෙස දැඩි ලෙස යාච්ඤා කළාය. ඇය තම පුතාගේ වැරදි මාර්ග ගැන හඬා වැලපුණ අතර ඔහු ජීවත් වීමට තෝරාගත් විවිධ නගරවල පවා ඔහුව සොයා ගියාය. තත්ත්වය බලාපොරොත්තු රහිත බවක් පෙනෙන්නට තිබුණි. නමුත් එක් දිනක් එය සිදු විය: ඇගේ පුතාට දෙවියන්වහන්සේ සමඟ බලවත් හමුවක් සිදු විය, ඔහු සභාවේ ශ්‍රේෂ්ඨතම දේවධර්මාචාර්යවරයෙකු බවට පත් විය. අපි ඔහුව…

නව ආරම්භයක්

“කිතුනු ඇදහීම ආරම්භ වන්නේ අප සිතා සිටි දෙය ඇත්ත වශයෙන්ම බොරුවක් බවට වේදනාකාරී අවබෝධයෙනි,” යනුවෙන් ඉයුජින් පීටර්සන් ගීතාවලිය 120 පිළිබඳ ඔහුගේ පැහැදිලි කිරීම් වලදී ලිවීය. ගීතාවලිය 120 යනු යෙරුසලමට යන වන්දනාකරුවන් විසින් ගායනා කරන ලද “ආරෝහණ ගීතිකා” (ගීතාවලිය 120-134) වලින් පළමුවැන්නයි. පීටර්සන්ගේ තොරතුරු විමසීමේ ක්‍රියාවලියට අනුව, එකම දිශාවකට දිගු කීකරුකමක් පෙන්නුම් කරන අතර මෙම ගීතාවලියන් තුළින් දෙවියන්වහන්සේ වෙතට යන අධ්‍යාත්මික…

ජන සමූහය

දාර්ශනිකයෙක් සහ කතුවරියක් වන හැනා ඇරෙන්ඩ්ට්ගේ (1906-75) නිරීක්ෂණය අනුව, “මිනිසුන් විසින් බලවත්ම රජවරුන්ට විරුද්ධ වී තිබෙන අතර ඔවුන් ඉදිරියේ වැඳ වැටීම ප්‍රතික්ෂේප කර ඇති බව” සොයාගෙන ඇත. ඇය තවදුරටත් කියා සිටියේ, “එහෙත්, සමූහයාට විරුද්ධ වීමටද, නොමඟ ගිය ජනතාව ඉදිරියේ තනිව නැගී සිටීමටද, ආයුධ නොමැතිව ඔවුන්ගේ නොසංසිඳෙන උමතුවට මුහුණ දීමටද සිටියේ ස්වල්ප දෙනෙක් පමණි” යනුවෙනි. යුදෙව්වෙකු ලෙස, ඇරෙන්ඩ්ට් මෙය සිය උපන්…

අපේ කතාවේ ඉතුරු කොටස

දශක හයකට වැඩි කාලයක් පුරා ප්‍රවෘත්ති මාධ්‍යවේදී පෝල් හාවි මහතා ඇමරිකානු ගුවන් විදුලියේ හුරුපුරුදු කටහඬක් විය. ඔහු අලංකාර වාක්‍ය ඛණ්ඩයකින් මෙසේ පවසයි, “ඔබ දන්නවා ප්‍රවෘත්තිය කුමක්ද කියා, තව විනාඩියකින් ඔබට කතාවේ ඉතිරි කොටස ඇසෙනු ඇත.” කෙටි දැන්වීමකින් පසු ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ එතරම් නොදන්නා කතාවක් ඔහු පවසයි. නමුත් එම පුද්ගලයාගේ නම හෝ වෙනත් ප්‍රධාන අංගයක් අවසානය දක්වා එළි නොකොට, ඔහු තමන්ගේ නාට්‍යානුසාර…