Archives: දෙසැම්බර් 2017

විස්මයජනක පේ‍්‍රමය

තම ස්වාමිපුරුෂයාගේ වියෝවෙන් පසු පැමිණි පළමු නත්තලේදී අපගේ මිතුරිය වන ඩේව්දින් අනර්ඝ ලිපියක් ලියුවාය. ඇය යේසුස්වහන්සේ මෙලොවට ආ විට ස්වර්ගයේ තිබූ තත්ත්වය විස්තර කළාය. "කුමක්ද වන්නේ කියා දෙවියන්වහන්සේ සැම විට දැන සිටි දෙය එයයි" ඇය ලියුවාය. "තුන්දෙනා එක්කෙනෙකු විය. එහෙත් එම අනර්ඝ එකමුතුව අප වෙනුවෙන් බිඳීමට උන්වහන්සේ ඉඩ හැරිය සේක. ස්වර්ගය දෙව් පුත‍්‍රයාගෙන් හිස්විය."

යේසුස්වහන්සේ මෙලොවදී සෙනඟට උගන්වමින් ඔවුන් සුව…

රෝම සාමය

යුද්ධයේ මිළ කිසි කෙනෙකුට දැරිය නොහැකිය. දැනට රටවල් විශාල ප‍්‍රමාණයක් යුද ගැටුම් වල පැටලී සිටින බව එක් වෙබ් අඩවියක් සඳහන් කරයි. ඒවා කෙසේ, කොහොම අවසන් වනු ඇද්ද? අපට සමාදානය අවශ්‍යවේ. එහෙත් එ් සාධාරණය පරදුවට තබා නොවේ.

යේසුස්වහන්සේ "සාමයේ" යුගයක උපන්සේක. එහෙත් එම සාමය තිබුණේ තදබල පීඩනයකින් සෙනඟ මර්ධනයට ලක් කරමිනි. රෝම සාමය (පැක්ස් රොමානා) පැවතුනේ රෝමය සියලු ගැටුම් මර්ධනය කළ…

හත්වන පදය

1861හි ග‍්‍රීෂ්ම සෘතුවේ දී හෙන්රි වෑඞ්ස්වත් ලෝංග්ෆෙලෝගේ භාර්යාව වන ෆ‍්‍රාන්සස් ගින්නකට හසුවී ශෝචනීය ලෙස මියගියාය. ඇය නැතිව සිටි පළමු නත්තලේදී ඔහු තම දිනපොතේ "නිවාඩුව කෙතරම් දුක්බරද? කීමට වචන නැත" කියා ලියුවේය. ඊළඟ අවුරුද්ද ඊට වඩා හොඳ වූයේ නැත. "ශුභ නත්තලක්!" යැයි දරුවෝ කියති. "එහෙත් මට එය එසේ නොවේ" කියා ඔහු ලීවේය.

1863දී ඇමරිකානු සිවිල් යුද්ධය නොනැවතී ඉදිරියට ගිය අතර ලොන්ග්…

අන්ධකාරයේ උපකාරය සෙවීම

අපගේ වයසක සුදු ටෙරියර් බැල්ලිය අපගේ ඇඳ පාමුළ නිදාගනී. වසර 13ක් ඇය නිදාගන්නේ එතැනය. සමාන්‍යයෙන් ඇය ශබ්ද කරන්නේ හෝ සෙලවෙන්නේ නැත. එහෙත් ළඟදී සිට ඇය මධ්‍යම රාත‍්‍රියේදී අපට මෘදු ලෙස තට්ටු කර බලයි. අප මුලින් සිතුවේ ඇයට පිටතට යාමට අවශ්‍යය කියාය. එහෙයින් අපි එසේ කළෙමු. එහෙත් පසුව අපට තේරුම් ගියේ අප එහි සිටීද කියා දැනගැනීමට ඇයට අවශ්‍ය බවය. ඇයට දැන් කන් නෑසේ. ඇස්ද පෙනෙන්නේ අඩුවශයෙනි. රාත‍්‍රියේදී නොපෙනේ. අප සෙලවෙන හෝ…

අන්ධකාරෙය් උපකාරය සෙවීම

කුඩා කාලයේ මුදල් ඉපැයීම සඳහා මම පත්තර බෙදුවෙමි. එය උදෑසන පත‍්‍රයක් නිසා සැම උදෑසනකම පාන්දර 3:00ට නැගිටීම අවශ්‍ය විය. දින හතේම එසේ විය. පත්තර 140ක් උදෑසන 6:00ට පෙර මා බෙදිය යුතුය.

එහෙත් වසෙර් එක් දිනක් එය වෙනස්වේ. නත්තල් උදෑසන පත්තරය අපි බෙදන්නේ පෙර දින සවසය. සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් මා හට උදෑසන නිදා ගන්නට ලැබෙන්නේ එදින පමණි.

වසර ගණනාවක් තුළ බොහෝ…

ඔබගේ නාමය ශුද්ධය

දෙවියන්වහන්සේගේ නාමය නිකරුණේ භාවිතය පිළිබඳව මම එක් දිනක් මාගේ ආත්මික ගුරුවරයා සමඟ සාකච්ඡා කරමින් සිටියෙමි. "නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාර නොකරව" (නික්මයාම 20:7). අසභ්‍ය වචනයකට දෙවියන්වහන්සේගේ නාමය එකතු කිරීම හෝ උන්වහන්සේගේ නාමය සුළු කිරීම හෝ අගෞරවයෙන් භාවිතා කිරීම පමණක් ඉන් කියැවෙන්නේ යැයි අපි කල්පනා කරමු. එහෙත් මාගේ උපදේශකයා සැබෑ ඇදහිල්ල ගැන ඉගැන්වීමට ලැබෙන අවස්ථා පැහැර නොහරියි. දෙවියන්වහන්සේගේ නාමය කෙලෙසන වෙනත්…

කෙසේද යන්නෙහි වැදගත්කම

බයිබල් විදුහලේ ඉගෙන ගන්නා කාලයේ මාත් මගේ මිත‍්‍ර චාර්ලිත් ලී බඩු සාප්පුවක වැඩ කළෙමු. අප සමඟ අභ්‍යන්තර සැරසිලි කරන්නෙකුද සෑම විට ගමන් කළේය. අප ලී බඩු ලොරියෙන් බාන අතර ඔහු අයිතිකරුවන්ට උපදෙස් දෙමින් සිටියේය. සමහර ගොඩනැගිලි වල තට්ටු තුන හතර ඉහළට භාණ්ඩ රැගෙන යාමට අපට සිදුවිය. චාර්ලි සහ මා කල්පනා කළේ එ් වෙනුවට සැරසිලි කරන්නාගේ රැකියාව අපට තිබුණා නම් හොඳය…

අපි සමරමු

ඝානාවේ, අසාමෝ ග්‍යාන්, 2014 ලෝක කුසලාන තරඟයකදී, ජර්මනියට විරුද්ධව ගෝලයක් රැස්කළ විට ඔහු සහ ඔහුගේ කණ්ඩායමේ අය නැටුමක් ඉදිරිපත් කළෝය. විනාඩි කිහිපයකට පසු ජර්මනියේ මිරොස්ලාව් ක්ලෝස් ගෝලයක් ලබා ගත් විට ඔහු දුවමින් කරණමක් ගැසීය. "පාපන්දු සැමරීම ඉතා ආකර්ෂණීය වන්නේ ඒවා ක‍්‍රීඩකයන්ගේ පෞර්ෂයන්, වටිනාකම් සහ ඇලුම්කම් එළිදරව් කරන නිසාය"යි 2002 ලෝක කුසලානයට ඇමරිකාව වෙනුවෙන් ගෝල ලබා ගත් ක්ලින්ට් මාතිස් කියයි.

ගීතාවලිය…

පරිපූර්ණ වන්නේ කෙසේද?

පරිපූර්ණ වීමේ අවශ්‍යකම නත්තල් කාලයේදී තීවෘවේ. අප සම්පූර්ණ සැමරීමක් ගැන කල්පනා කරමු. ඉන්පසු එය ඉෂ්ට කිරීමට උපරිම උත්සාහය යොදමු. අපි පරිපූර්ණ තෑගි ගැනීමට සාප්පු යන්නෙමු. එසේම පරිපූර්ණ නත්තල් ආහාරය සැලසුම් කරමු. හොඳම සුබ පැතුම් පත් තෝරා ගනිමු. පරිපූර්ණ ලිපි ලිවීමට උත්සාහ කරමු. එහෙත් අපගේ උත්සාහය අපට කලකිරීම සහ බලාපොරොත්තු කඩවීම ගෙන එයි. ඊට හේතුව පරිපූර්ණකම ගැන අප තුළ ඇති මිම්ම…

කණස්සල්ලට ප්‍රතිකාරය

මාගේ ස්වාමිපුරුයාගේ රැකියාව සඳහා ස්ථානය මාරු කිරීමට තිබුණි. අපි ඒ ගැන ඉතා ජ්වලිතව සිටියෙමු. නමුත් නොදන්නා දේ සහ අභියෝග මා කණස්සල්ලට පත් කළේය. අපට අයිති දේවල් තේරීම, ඇසිරීම, ජීවත් වීමට තැනක් සොයා ගැනීම, මා හට වෙනත් රැකියාවක් සොයා ගැනීමද ඊට ඇතුළත් විය. අලුත් නගරයක අලුත් පාරවල් සොයා ගෙන යාම, ස්ථානයේ ස්ථිරවීම යනාදිය අපිළිවෙලක් ඇති කරයි. මා කළ යුතු දේවල ලැයිස්තුව…