Archives: ජනවාරි 2019

ලොකු දෙයක්

දෙසැම්බර් කුලිය ගෙවීමට පවුලේ අයෙකුට උපකාර අවශ්‍ය විය. ඔහුගේ පවුලට එය විශාල කරදරයක් මෙන් හැඟුණි. විශේෂයෙන් වසර අවසානයේ එන බලාපොරොත්තු නොවන වියදම් නිසාය. නමුත් ඔවුන්ගේ ඉතිරි කිරීම්වලින් ඔව්හු මුදල් ගත්තෝය. දෙවියන්වහන්සේගේ සැපයීමට කෘතඥතාවය දැක්වූහ. තම ඥාතියාගේ කෘතඥතාවයෙන් ආශිර්වාද ලැබීය.

මුදල ලද අය ඔවුන්ට ස්තුති කිරීමේ කාඩ්පතක් අනුග්‍රාහික වචනවලින් ලියා දුන්නේය. "එය විශාල දෙයක් ලෙස නොසළකා ඔබ නැවතත් යහපත් දෙයක් කළා.."…

අවධානය ගැනීමට උත්සාහය

විශ්ව විද්‍යාල පංතියක් ක්‍ෂේත්‍ර සංචාරයක් සඳහා ගිය විට තමාගේ හොඳම සිසුවිය හඳුනා ගැනීමට උපදේශකට නොහැකි විය. ඇය පංතියේදී තම කලිසම් කකුල් වලින් අඟල් හයක් උස සපත්තුව වසා ගෙන සිටියාය. නමුත් ඇය ඇවිදින සපත්තු දැමු විට අඩි පහකටත් වඩා මිටි බව පෙණුනි. ඇය සිනහවී කීවේ "මම කැමති අඩි උස සපත්තු දමා සිටීමටයි. නමුත් සාමාන්‍ය සපත්තු මාගේ යථාර්ථය පෙන්නුම් කරයි" යනුවෙනි.

අපගේ…

සෑම විටම දෙවියන්වහන්සේගේ දරුවෙක් වෙමි

අප ගියාවූ සභා රැස්වීමක පුරුද්දක් ලෙස ස්වාමින්ගේ යාච්ඤාව කියන විට අප අත් අල්ලාගෙන සිටියෙමු. මා එක් අතකින් මවගේද අනික් අතින් පියාගේද අත් අල්ලාගෙන සිටිද්දී මම සෑම විටම ඔවුන්ගේ දියණියය යන සිතුවිල්ලෙන් මම පුදුම වීමි. මම දැනට මැදිවියෙහි සිටියත් මම තවමත් "ලියෝගේ" සහ "ෆිලිස්ගේ" දරුවා යයි කියනු ලැබිය හැකිය. මම ඔවුන්ගේ දරුවා පමණක් නොව සෑම විටම දෙවියන්වහන්සේගේ දරුවාද බව මම වටහා…

මැවිල්ලේ ගීතය

ශබ්ද තාරකා ශාස්ත්‍රය යොදා ගනිමින් විද්‍යාඥයින්ට අභ්‍යවකාශයේ ශබ්ද සහ නාඩිවලට ඇහුම්කන් දීමට පුළුවන. රාත්‍රී අහසේ තාරකා භ්‍රමණය වන්නේ නිශ්චලව නොවන බව ඔව්හු සොයා ගෙන තිබේ. තාරකාවලින් සංගීතය නික්මේ. එය මොල්ලි ඇති තල්මසුන්ගේ හඬ මෙනි. තාරකාවල හඬ මිනිස් කණට නොඇසේ. තාරකා, තල්මසුන් සහ අනෙකුත් මැවිලි නිකුත් කරන හඬ සංගීත වෘන්දයක් මෙන් දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නේය.

ගීතාවලිය 19:1-4 ට පවසන්නේ "අහස දෙවියන්වහන්සේගේ…

ඔබ යන්නේ කොහේද?

අපගේ ජීවිතයේ දිසාව තීරණය කරන්නේ කුමක්ද? එම ප්‍රශ්නයට සිතා ගත නොහැකි ස්ථානයකදී මට පිළිතුරක් ලැබුණි. ඒ මෝටර් සයිකල් පුහුණු පාඨමාලාවකදීය. මටත් මගේ මිතුරන් කිහිප දෙනෙකුටත් මෝටර් සයිකල් පදින්න අවශ්‍ය විය. ඒ හෙයින් අපි පංති වලට ගියෙමු. අපගේ පුහුණුවේ එක් කොටසක නම වූයේ ඉලක්කය තබා ගැනීමය.

අපගේ පුහුණුකරු මෙසේ කීවේය. "කවදා හෝ ඔබට බලාපෙරොත්තු නොවූ බාධාවක් එන්නේය. ඔබ ඒ දෙසම බලා…

ප්‍රේමයේ අලංකාරය

"ජරාබේ ටපාටියෝ" නැමැති මැක්සිකානු තොප්පි නැටුමෙන් ආදරය සැමරේ. උස් හඬින් ගායනා කරමින් නටන විට පිරිමියා තම විශාල තොප්පිය බිම තබයි. ස්ත්‍රිය තොප්පිය ඇද ගෙන දෙදෙනාම ඒ පසුපස සැඟවෙති. සිඹීමකින් ඔවුන්ගේ ආදරය ස්ථිර කරයි.

මෙම නැටුම මට මතක් කරන්නේ විවාහයේදී තිබිය යුතු විශ්වාසවන්තකම ගැනය. හිතෝපදේශ 5 හි කාමමිථ්‍යාචාරයේ අධික මිළ ගැන කථා කර විවාහය දෙදෙනාට සීමා විය යුතු බව අපි කියවමු.…

ප්‍රශ්නවලින් නමස්කාර කිරීම

කණ්ඩායමක් දීර්ඝ හෝ කෙටි සංචාරයක යෙදෙන විට "අපි තවමත් එතැනට ආවේ නැත්ද?" නැත්නම් "තව කොච්චර දුරද?" කියා යමෙකු ඇසීම දුලබ නොවේ. තම ගමනාන්තයට ලඟා වීමට කැමති අය අසන මෙම විශ්වනීය ප්‍රශ්න අසා නැත්තේ කව්ද? එසේම ජීවිත අභියෝග නොනවතින විට ඊට සමාන ප්‍රශ්න සියලු වයස්වල සෙනග අසන්නෝය.

ගීතාවලිය 13 හි දාවිත්ගේ කාරණය එයයි. 1-2 පද වල 4 වරක් ඔහුට හැඟුණේ තමාව…

ඔබට අත්හැරීමට නොහැකි කුමක්ද?

"ඔබට අත්හැරීමට බැරි කුමක්ද?" ගුවන් විදුලි නිවේදකයා ඇැසීය. අසන්නෝ කුතුහලය ඇති කරවන පිළිතුරු දුන්නෝය. සමහරු තම පවුලේ අය බවද එක් මහතෙකු තම මියගිය භාර්යාව බවද තවත් සමහරු තමන්ගේ සිහින පිළිබඳවද සංගීතයෙන් ජීවත්වීම ගැනද තවත් අය මවෙකු වීම බවද ප්‍රකාශ කළෝය. අපි සෑම කෙනෙකුටම අපි ඉතා ආශාවෙන් රැක ගන්නා යමක් තිබේ. එනම් පුද්ගලයෙක්, ආදරයක්, වස්තුවක් වැනි අත් හැරීමට බැරි යමක් අප…

භාණ්ඩවලට වඩා දේවල් බෙදා ගැනීම

"නමුත් මම කැමති නැහැ බෙදාගන්න". මාගේ කුඩාම දරුවා මොර ගැසීය. ඒ ඔහුගේ "ලෝගෝ" ක‍්‍රීඩාවේ එක් කැබැල්ලක් හෝ දෙන්නට වේයැයි සිත බිඳි ගොසිනි. ඔහුගේ මුහුකුරා නොගිය හැසිරීම ගැන මම දුක් වීමි. නමුත් සත්‍ය වශයෙන්ම මේ ආකල්පය දරුවන්ට පමණක් සීමාවී නැත. මාගේ ජීවිතයේත් මනුෂ්‍ය වර්ගයාගේ ජීවිතවලත් මෙම අත්දැකීම පෙනේද! එය පෙන්නුම් වන්නේ අන් අයට ත්‍යාගශීලීව නිදහසේ දීමට ඇති අකමැත්තෙනි.

යේසුස්වහන්සේගේ ඇදහිලිවතුන් ලෙස…

රාත්‍රියේ ගීතයක්

මාගේ පිියාගේ ජීවිතය බලාපොරොත්තුවේ ජීවිතයක් විය. ඔහු පූර්ණතාවය බලාපොරොත්තුවෙන් සිටියේය. පාකින්සන් රෝගය ටිකින් ටික ඔහුගේ මනසද ශරීරයද බිලිගනිමින් සිටියේය. ඔහු සාමයට ආශාවිය. නමුත් දැඩි මානසික අවපාතයකින් ඔහු පීඩාවට පත් විය. ඔහු ආදරය සහ සැලකිල්ල බලාපොරොත්තු විය. නමුත් බොහෝ විට ඔහු විශාල තනිකමකින් පෙළුණි.

නමුත් 42 වන ගීතය කියවන විට ඔහුගේ තනිකම අඩුවන බවක් ඔහුට දැණුණි. ඔහුගේ ප්‍රියතම ගීතිකාව වූයේ 42…