Archives: ජනවාරි 2019

බලාපොරොත්තුවේ සත්‍ය අත්තිවාරම

ඇදහිල්ල පිළිබඳ පාඩම් නොසිතන ස්ථානවලින් පැමිණිය හැකිය. මා රාත්තල් 110 ක් බරැති කලු ලැබ්‍රඩෝර් බල්ලාගෙන් ඉගෙනගත් එක මෙනි. උගේ නම "බෙයා" ය. බෙයා වතුර බොන ඇලුමීනියම් භාජනය කුස්සියේ පැත්තක තබා තිබේ. එය හිස්වුන විට ඌ බුරන්නේ හෝ එය පහුරු ගාන්නේ හෝ නැත. ඒ වෙනුවට ඌ එතැන වාඩිවී නිශ්චලව සිටින්නේය. සමහර විට විනාඩි කිහිපයක් සිටීමට ඌට සිදුවේ. උගේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට…

කුඩා පොකිරිස්සන්ගේ අවාසනාව

මාගේ ඥාති සහෝදරයා කුඩා පොකිරිස්සන් ඇල්ලීමට මට ආරාධනා කළ විට මම ඉතා සතුටු වීමි. ඔහු මට ප්ලාස්ටික් බාල්දියක් දුන්නේය. "මූඩියක් නැද්ද" කියා මම ඇසීමි. "මූඩියක් අවශ්‍ය වන්නේ නැහැ" ඔහු කීවේ බිලී පිති සහ ඇම අතට ගනිමිනි.

පසුව බාල්දිය තුන්කාලක් පමණ පිරී තිිබෙන විට මා දුටුවේ කුඩා පොකිරිස්සන් පැන යාමට අසාර්ථක උත්සාහයක යෙදෙන බවය. අපට මූඩියක් අවශ්‍ය නැත්තේ ඇයි කියා මම…

යේසුස්වහන්සේ ඔබ පසුපසින්ම සිටින සේක

වෙනදාට වඩා ටිකක් ඉක්මණින් මාගේ දියණිය පාසැලට යාමට සුදානම්ව සිටියාය. මග අසළ ඇති කෝපි කඩයක නවත්වමුදැයි ඇය ඇසුවාය. මම කැමති වීමි. අප එය අසළට ළංවන විට "කාට හරි මෙම උදෑසන සතුටක් දෙන්න ඔබ කැමතිද?" මම ඇසුවෙමි. "අනිවාර්යයෙන්ම" ඇය කීවාය.

අපි අපගේ ඇණවුම ඉදිරිපත් කළෙමු. අප ගෙවිය යුතු ගණන වෙළඳ සේවිකාව කීවාය. "අපට පසුපස සිටින අයගේ ගණනත් එකතු කරන්න" කියා මම…

අපරිමිත දිග පළල

එම්.ආර්.අයි. යන්ත්‍රය ඇතුළත නිසලව වැතිරී යන්ත්‍රය කරකැවෙන විට මට අණ ලැබුණු ලෙසට හුස්ම තද කර ගෙන සිටියෙමි. එම්.ආර්.අයි. යන්ත්‍රය තුළින් ගිය බොහෝ දෙනෙක් ගැන මම දනිමි. නමුත් මට වැසුණු තැන්වල සිටීමේ බිය තිබේ. ඒ හෙයින් මාගේ අවධානය වෙනත් බොහෝ විශාල දෙයක් හෝ කෙනෙකු වෙත තබා ගෙන සිටීම ඉතා අවශ්‍ය වේ.

මාගේ මනසේ බයිබලයේ වැකිකඩක් ක්‍රියාත්මක වීමට පටන් ගත්තේය. "ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය…

අප පිළිගන්නාවූ දෙවියන්වහන්සේ

අපගේ සභාව පවත්වා ගෙන යන්නේ පැරණි කණිෂ්ඨ පාසැලකය. එය 1958 දී වසා දැමුණේ එක්සත් ජනපද නීතියකට අවනත වීමට අකමැතිවීම නිසාය. (සුදු සිසුන්ට සීමාවූ පාසැල්වලට අප්‍රිකානු සම්භවයක් ඇති සිසුන් ඇතුළත්කිරීම). නමුත් ඊට පසු වසරේ එය නැවත විවෘත කෙරුණි. අපගේ සභාවේ සාමාජිකාවක වන එල්වාද ඊට ඇතුළත් කෙරුණි. ඇය සුදු ලෝකයට තල්ලුවූ එක් කලු සිසුවියක් විය. "මාගේ පහසු සමූහනයෙන්, මාගේ ජීවිතයේම කොටසක්වූ ගුරුවර…

උන්වහන්සේ කුමණ වර්ගයේ ගැළවුම්කරුවෙක්ද?

ගිය වසරේ පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි කාන්තාවන් තිදෙනෙකුට මාත් මාගේ මිතුරෝත් යැච්ඤා කළෙමු. දෙවියන්වහන්සේට සුව කිරීමට බලය ඇති බව අපි දැන සිටියෙමු. එසේ කරන්න යැයි අපි සෑමදාම කීවෙමු. අතීතයෙහි උන්වහන්සේ එසේ කළ බව අපි දුටීමු. උන්වහන්සේට එය කළ හැකිබව අපි විශ්වාස කළෙමු. ඔවුන්ගේ ජීවිතවල සුවය යථාර්ථයක් වන බවට පෙණුන දවස්ද විය. අපි ප්‍රීති වුනෙමු. නමුත් සරත් සෘතුවේ ඔවුන් සියලු දෙනා…

කණස්සල්ලට විකල්පයක්

නීතිය රකින අවංක මනුෂ්‍යයෙකුට දුරකථන පණිවුඩයක් ලැබුණි. "මේ පොලිස් දෙපාර්තමේන්තුවේ .... නිලධාරියායි. කරුණාකර මෙම අංකයට ඇමතුමක් දෙන්න". එකෙණෙහිම මිනිසා කනස්සලු වීමට ආරම්භ කළේය. කෙසේ හෝ තමා වරදක් කර ඇතැයි ඔහු කණස්සලු විය. දුරකථනයෙන් නැවත කථා කිරීමට ඔහු බිය විය. එසේම දින කිහිපයක් ඔහු නොනිදා කල්පනා කළේය. විය හැකි දේවල් ඔහුගේ සිතෙහි හොල්මන් කළේය. තමාට යම් කරදරයක් වේ යයි ඔහු ඔහු…

සාමාන්‍ය මිනිසෙක්

විලියම් කේරී රෝගී පිරිමි ළමයෙක් විය. ඔහු එංගලන්තයේ නෝර්තම්ප්ටන් නගරය අසළ දුගී පවුලක ඉපදුණි. ඔහුගේ අනාගතය එතරම් දීප්තිමත් බවක් නොපෙණුනි. එහෙත් දෙවියන්වහන්සේ ඔහුට ශ්‍රේෂ්ඨ සැළසුම් තබා තිබුණි. විශාල බාධා මැද ඔහු ඉන්දියාවට ආවේය. ඔහු එහි විශාල සමාජීය වෙනස්කම් කළේය. බයිබලය බොහෝ ඉන්දියානු භාෂාවලට පරිවර්තනය කළේය. ඔහු දෙවියන්වහස්සේටද සෙනගටද ප්‍රේම කළේය. දෙවියන්වහන්සේ වෙනුවෙන් බොහෝ දේවල් ඉෂ්ට කළේය.

යෙස්සේගේ් පත්‍රවූ දාවිත් සාමාන්‍ය…

ශ්‍රේෂ්ඨ මහිමය

අගෝස්තුස් කායිසර් සිහිපත් කෙරෙන්නේ ප්‍රථම ශ්‍රේෂ්ඨ ‌අධිරාජ්‍යයා ලෙසය. දේශපාලනික නිපුණත්වයෙන් සහ හමුදා බලයෙන් ඔහු තම සතුරන් ඉවත් කර දැමීය. නටබුන් වලින් පිරුණු රෝමය කිරිගරුඬ ස්මාරක සහ මාළිගා නගරයක් බවට පත් කළේය. ඔහුට නමස්කාර කරන රෝම පුරවැසියෝ ඔහුව හැඳින්වූයේ මනුෂ්‍ය වර්ගයාගේ ගැළවුම්කරු සහ පියා ලෙසය. ඔහුගේ වසර හතලිහක රාජ්‍ය කාලය අවසන් වන විට ඔහුගේ අවසන් නිල වචන පෙළ වූයේ "මට හමුවූයේ…

ආලෝකයේ ගමන් කිරීම

අපගේ කැලෑබද ගම්මානයෙන් සඳ ඉවත්වී අන්ධකාරය පැමිණියේය. විදුලි කෙටීම් අහස සිසාරා ගියේය. වර්ෂාව සහ මේඝ ගර්ජනා පහළ විය. තිගැස්සී නැගිට දරුවෙකු සිතන ලෙස මා වෙත පැනිමට බලා සිටින බියකරු මකරුන් වර්ග ගැන සිතීමි. උදෑසන වන විට ශබ්ද නැවතුණි. හිරු නැගුණි. සාමය නැවත පැමිණියේය. කුරුල්ලෝ හිරු එළියේ ප්‍රීති නාද පවත්වන්න පටන් ගත්හ. බියකරු අන්ධකාරය සහ දහවලේ ප්‍රීතිය පැහැදිළිව ප්‍රකාශ විය.

සීනයි…